කැරීබියන් ඉර හයිටියටHaiti උඩින් දැඩි උණුසුමක් හයිටි පොළොව මත පතිත කරන්නේ අන්ත අසරණ කුස ගින්නේ වියපත් වූ සිරුරු වලට තවත් වේදනාව එක් කරමිනි.
ඒ හිරු රශ්මියෙන් විශාල ප්‍රදේශයක් පුරා වියළෙමින් තිබෙන Mud cakes මැටි රොටී ය . ඒවා සැබවින්ම අපි ආහාර පිසින්නට ගන්නා හෝ ගෘහ අලංකරණයට ගන්නා මැටි බඳුන් හැඩයක් ගත්තද ඒවා සැබවින්ම ඒ සඳහා නම් නොව . ලොව අන්ත දිළිඳු බවින් පෙලෙන රටක දුප්පත් මිනිසුන්ගේ කුස ගිනි නිවනා පොදු මෙන්ම ජනප්‍රිය ආහාරයයි…
මැටි රොටී මැටි කේක් ලෙස හඳුවන හයිටි ජනයාගේ මෙම ආහාරයේ සම්පූර්ණයෙන්ම සමන්විත වී ඇත්තේ මැටිය.. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තවන් සැතපුම් ගණන් කඳු තරණය කර එක්රැස් කරගෙන එන මැටි වලට ලුණු හා ජලය එක්කරයි.. ඉන්පසු රොටී මෙන් ඒවා වඩා ඉර අවුවේ වියළයි… හයිටියේ බෙහෝමයක් දෙනාගේ උදේ ආහාරයද දහවල් මෙන්ම රාත්‍රී ආහාරයද මේ මැටි රොටී නැත්නම් මැටි කේක්ය…
ගොරෝසු මෙන්ම ඉක්මනින් බිඳෙන සුළු මෙම මැටි රොටී බැලූ බැල්මට කිසිවතුගේ ආහාර රුචිය වඩවන්නේ නම් නැත. මින් පෙර මේ මැටි කේක් පරිභොජනයට ගත්තේ ගර්භනී කාන්තාවන් විසින් සිය ගර්භණී අවධියේදී ඖෂධයක් ලෙසයි… නමුත් මීට වසර ගණනාවක් තිස්සේ ගර්භණී කාන්තාවන් පමණක් නොව බොහෝ හයිටි පවුල්ලවල සාමාජිකයින් මැටි කේක් පරිභෝජනය කරමින් සිටී. එය දැන් හයිටි ජනයාගේ ප්‍රධාන ආහාරයකි.
හයිටියේ ආහාර සහ ඉන්ධන අර්බුධය ලෝකයේ අන් සියළු රටවල් අබීබවමින් සිටී. වැඩිවන ජනගහණය මෙන්ම වැඩිවන දුප්පත්කම මේ ආහාර හිඟයට මූලිකම හේතුවයි. ඔවුන් කුස ගින්න හඳුන්වන්නේ ක්ලොරෙක්ස් ගිලදැමීම “swallowing Clorox” ලෙසයි..Clorox යනු ඉතා සැර bleach වර්ගයකි… එතරම් සැර Clorox ගිල දැමීමේදී ඇතිවන වේදනාවෙහිද කුස ගින්න නිසා ඔවුන්ට දැනෙන වේදනාවේද වැඩි වෙනසක් නැත.
ඒ වේදනාවෙන් ඔවුන් මුදවාලන්නේ මේ මැටි කේක්ය.. ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතේ කවදාවත්ම ඇත්තටම කේක් යනු මොනවාදැයි දැක නැති බව අනිවාර්යයකි.
වයසට වඩා උසින් අඩු කුඩා දරුවන්ගේ කුස පමණට අඩා ඉදිමී ඔවුන් විකෘති සරුර හිමිකර දී ඇත්තේ මේ දරා ගත නෙහෙැකි කුසගින්න හා මැටි කේක වැනි සෞඛය සම්පන්න නොවන ආහාරයි.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි සංවිධානයට අනුව හයිටිය විසින් සිය පරිභොජන ආහර අපනයන වියදම 80% කින්වැඩි වී ඇත. ආහාර නිසා ඇතිවූණ අරගල හේතුවෙන් එරට අගමැති වරයා මෙන්ම තවත් බලධාරීන්ගේ ජීවිත පවා 2008 වසරේදී නැති විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ හියිටියේ තුනෙන් දෙකක එනම් මිලියන දෙක හමාරක ජනතාව මෙම ආහාර අර්බුධය හේතුවෙන් පීඩා විඳින බවයි.
මේ මෙහොත වන විටද හයිටියේ ප්රචණ්ඩ ක්‍රියා වර්ථනය වෙමින් පවතී.. හයිටිය වෙත සියළු ගුවන් ගමන් පවා මේ වන විට ජාත්‍යන්තර ගුවන් සේවා විසින් තාවකාලිකව නවතා ඇත. ආහාර සහ ඉන්ධන හිඟකම ඊට හේතු වී ඇත.