×

දකුණු දිග චීනයේ “හක්කා” නැමති ඉපැරණි මාළිගා සංකීර්ණය

මානව ඉතිහාසයට චීන ඡනතාව නොමැකෙන පරිදි සිය ගෘහ නිර්මාණ ශිල්පය දයාද එක්කර තිබේ. ඔවුනගේ ඉදිකිරීම්වල විශිෂ්ටබව හා එහි කල්පවත්නා බව ක්‍රි.පුර්ව 220 දී ඉදිකල තවමත් ශක්තියෙන් අනූන චීන මහා ප්‍රාකරය තුලින් පෙනේ.


මානව ඉතිහාසයට චීන ඡනතාව නොමැකෙන පරිදි සිය ගෘහ නිර්මාණ ශිල්පය දයාද එක්කර තිබේ. ඔවුනගේ ඉදිකිරීම්වල විශිෂ්ටබව හා එහි කල්පවත්නා බව ක්‍රි.පුර්ව 220 දී ඉදිකල තවමත් ශක්තියෙන් අනූන චීන මහා ප්‍රාකරය තුලින් පෙනේ. මේ රූප සටහන්වල දැක්වෙන්නේ චීන මහා ප්‍රාකාරයට පමණක් දෙවැනි දකුණු දිග චීනයේ ඇති නිවාස සංකීර්ණ පෙලයි. වර්තමාන චීනය ඒවා හදුන්වන්නේ දකුණු දිග චීනයේ කෞතුක මාළිගා සංකීර්ණය ලෙසයි. චීන මහා ප්‍රාකාරය ගොඩනැගුවේ රාඡකීයත්වයේ අවශ්‍යතාවයකටය. ඔවුනගේ සම්පත් වලිනි.

එහෙත් මෙි නිවාස සංකීර්ණ ගොඩනැගුනේ හක්කා නැමති ඡනවර්ගයට නොනැසී ඡිවත්වීමටය. එම ඡනවර්ගයේ තනි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ නිවැරදි ඉංඡිනේරු ශිල්පීය ක්‍රමයක් මතය. ඒ ක්‍රි.වර්ශ 13 වැනි සියවසේය.

හක්කාවරු උතුරු දිග චීනයේ ඡනවර්ගයකි. දිගින් දිගටම උතුරේ ප්‍රධාන ඡනවර්ගයන්ගෙන් එල්ලවු තාඩන පීඩන නිසා හක්කා වරු පවුල් පිටින් පලා ගියහ. ඔවුහු නැවතුනේ ඡනවාසයකින් තොර දකුනු දි්ග චීනයේ යොන්ග්ඩිං ප්‍රාන්තයේ කදු මුදුන් මතය. තනි තනි නිවාස වල ඡිවත්වුවහොත් සතුරාට මුහුන දීමට අසීරු බැවින් ඔවුහු කණ්ඩායම් වශයෙන් එකම ගොඩනැගිල්ලක් තුල වෙන් වෙන් වශයෙන් නිවාස සාදා ගත්හ.

මෙි නිවාස සංකීර්නය ගොඩ නැගී තිබුනේ ප්‍රාකාරයක් තුලය. පිටතින් ඒවා ශක්තිමත් සහ රලු ස්වාභාවයක් ගත්තද අභ්‍යන්තරය රඟ මඩලක් මෙන් අලංකාරව තබා ගත්හ. ඒවා සමහරවිට ඉපැරණි රෝමයේ ගැලැඩියේටර් සටන් බිම් සිහිගන්නවන ක්‍රීඩාංගන පරිදි විය. නිවාස සංකීර්නයේ මධ්‍ය හිස් අහසට විවෘතය. ඔවුහු සිය බිම් මහලේ රහසිගත අභණ්තර ඡල ප්‍රවාහක් නිර්මානය කළහ. පහතම මහල හක්කා වරු ඡිවත් කරවු එලුවන් ගවයන් කුකුලන් වැනි සතුන්ට වෙන් කර තැබීය. දෙවැනි මහල ඔවුහු වගා කර නිපදවාගත් බවබෝග ගබඩා කිරීම සදහා යෙදවූහ. තෙවෙනි මහල ඔවුහු වෙන් වෙන් වශයෙන් වු පවුල් එකක සදහා ගොඩ නැගීය. එක් නිවාස සංකීර්ණයක පවුල් 100 ක් ඡීවත්වු බව කියවේ. සතුරා මාස ගණනාවක් සිය නිවාස වට කර සිටියද ඔවුන්ට ඇති තරම් ජලයද ආහාරද මෙම ගොඩනැගිලි තුල විය. එක් වරක් සතුරන් පුරා වසරක් එකී නිවාස වටලා සිටිබව හක්කාවරුන්ගේ ඉතිහාසය අපිට කියයි. මේ නිවාස පද්ධති අක්කර 700 ක් පුරා පැතිර පවතී.

වසර 1000 කට පෙර දුප්පත් සංක්‍රමණිකයන් වශයෙන් පැමිණි ඔවුන්ට ජීවත් වීමට හා තමන් වෙනුවෙන් නව නිවාස තැනීමට අතිශයින් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවිය. හොඳ සහ සාරවත් තැනිතලා ප්‍රදේශ ඒ වන විටත් එක් එක් චීන ඡනවර්ග විසින් අත්පත් කරගෙන සිටි නිසා හක්කාවරුන්ට ජීවිතය අති දුෂ්කර විය. අකමැති වුවද ඔවුන්ට නිසරු කඳුකරයට යාම හැර වෙනත් විකල්පයක් නොතිබුණි. දිවි ගලවා ගැනීම සඳහා, ඔවුන් එකට එක්ව එකට බැඳී තම තමන් ආරක්ෂා කර ගැනීමට මාර්ග සකස් කළහ. එබැවින් පෘථිවියේ මෙම ගොඩනැඟිලි නිර්මාණය කර ඇත්තේ සෞන්දර්යාත්මක හේතූන් මත නොව මානව වංශ කතාවට අනුව නොනැසී පැවතීම උදෙසාය. එම නිවාස සංකීර්ණ අද චීනයේ ආඩම්බරයක් මෙන්ම යුනෙස්කෝව ලෝක උරුමයක් ලෙස සටහන් තැබීම වෙනත් කාරණාවකි.

මානව වංශ කතාවේ නොනැසී ඡිවත්වීමට පරිසරයට අනුවර්තනය විය යුත්තේ කෙසේදැයි ඉපැරණි හක්කාවරු අපට පෙන්වා දී තිබේ. චීනය කොතරම් දියුණු වුවත් අදටත් මෙම නිවාස සංකීර්ණ තුල හක්කාවරු සිය ඡිවිත ගෙවති. එමෙන්ම දේශීය හා විදේශිය සංචරකයෝ මෙම අනගි නිවාස පද්ධතිය නැරඹීමට දිනපතා පැමිණෙන බව චීන සංචාරක ක්ෂේත්‍රය කියා සිටී.

(උපුටා ගැනීමකි)



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි