×

ඊශ්‍රායලයට එල්ල වූ මිසයිල ප්‍රහාර වල වගකීම දැරීම හමාස් සංවිධානය ප්‍රතික්ෂේප කරයි

පලස්තීන හමාස් සංවිධාන මාධ්‍ය ප්‍රකාශකවරයකු අද (26) දින පවසා සිටියේ ඉරු දින ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලට හමාස් සංවිධානය වගකීම නොදරන බවයි.


ගාසා තීරයේ සිදුවන ගැටුම් සම්බන්ධයෙන් පීඩා විඳින පලස්තීනය ඊට ප්‍රතිචාර වශයෙන් පසුගිය ඉරු (25) දින ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර එල්ල කළ බවට පැතිර ගිය ප්‍රවෘත්තියත් සමඟ එරට හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ (IDF) ගාසා තීරයේ හමුදා මෙහෙයුම් දියත් කිරීමට එරෙහිව පලස්තීන හමාස් සංවිධානය මෙවන් මිසයිල ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කළේ යැයි එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසන අන්දමට, පසුගිය ඉරු දින ප්‍රක්ෂේපන 3ක් දකුණුදිග ඊශ්‍රායලය දෙසට එල්ල වී ඇති අතර, ප්‍රහාර දෙකක් අයර්න් ඩොම් මිසයිල ආරක්ෂක පද්ධතිය විසින් වළක්වා ඇත. තෙවැනි ප්‍රහාරය ස්දෙරොට් නගරයෙන් පිටත 34 වන මාර්ගය වෙත එල්ල වී ගින්නක් හට ගෙන ඇත.

පලස්තීන හමාස් සංවිධාන මාධ්‍ය ප්‍රකාශකවරයකු අද (26) දින පවසා සිටියේ ඉරු දින ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාර වලට හමාස් සංවිධානය වගකීම නොදරන බවයි.

කෙසේවෙතත්, මීට පෙර හමාස් සංවිධානය ප්‍රසිද්ධියේ දිව්රුම් දෙමින් ප්‍රකාශ කර සිටියේ ගාසා තීරයේ අර්බුදය සම්බන්ධව ඊශ්‍රායලය තවදුරටත් හමුදා මෙහෙයුම් දියත් කරන්නේ නම්, ඊශ්‍රායලයේ ප්‍රධාන නගර මිසයිල ප්‍රහාර වලින් සුනුවිසුණු කර දමන බවයි.

එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක කැබිනට් මණ්ඩලය සඳුදා (26) දින රැස්වීමට නියමිතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි