×

Google ඔබට සුබ උපන්දිනයක් !

අද වන විට ගූගල් සමාගම ලෝකය පුරා භාෂාවන් 100ක් මගින් ක්‍රියාත්මක වෙයි. සෑම වසරකම පරිශීලකයන්ගේ ගැටළු ට්‍රිලියන ගණනාවකට පිළිතුරු සපයයි.


අද ගූගල් සෙවුම් යන්ත්‍රය සිය 21 වන උපන්දිනය සමරයි. 1998 වසරේ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් විසින් ගූගල් සෙවුම් යන්ත්‍රය ලෝකයට හදුන්වා දෙන ලදී. ඔවුන් ස්ටැන්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයින් දෙදෙනෙකි

සර්ජි සහ ලැරී සිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණයක් සදහා විශාලස සෙවුම් යන්ත්‍රයක් හදුන්වා දීමේ ප්‍රථිපලයක් ලෙස ගූඝල් සෙවුම් යන්ත්‍රය හදුන්වා දෙන ලදී,

ගූගල් හදුන්වා දීමට පෙර Backrub නමින් හදුන්වන ලද ඇල්ගොතරිම් හෙවත් ගණිතමය සෙවුම් යන්ත්‍රයක් මොවුන් දෙදෙනා විසින් හදුන්වා දෙන ලදී, කෙසේ වෙතත් මුලින් googol වූ Google හී ඇති O අක්ෂරයන් දෙක සැබවින්ම බින්දුව හැගවීමට යොදා ගෙන ඇති අතර ඒවා ඔවුන්ගේ මුල් ව්‍යාපෘතියේ සිය පසු ව්‍යාපතෘතිය දක්වා පැමිණීම ගණිතමය ආකාරයට සටහන් කිරීම එනම් 10 සිට 100 දක්වා බලගැන්වීම පදනම් කර ගෙන එම නම ලබා දී ඇත‍

ඔවුන් සිය පර්යේෂණ ලිපියේ සදහන් කරන්නේ .. අප හදුන්වා දුන් සෙවුම් පද්ධතිය google යන පොදු නමමින් හැදින් වීමට තීරණය කළද එහි සැබෑ නම Googol වේ . නමුත් එහ් අර්ථය වන 10100 යන්න දැක්වීමට වඩාත් සුදුසුම වචනය Google යන්නයි.

සිය 21 වන සැමරුම වෙනුවෙන් Google සමාගම අද සිය මුල් පිටුවේ සුවිශේෂී doodle සිතුවමක් එක් කර ඇත. ඉතිහාසයට යමින් විශාල පරිගණකයක රූප සටහනක් ඇතුලත් කර ඇත. 2005 වසර වන තෙක් Google සමාගම එහි උපන්දිනය සැමරුවේ සැප්තැම්බර් 7 වන දිනයි. නමුත් 2005 වසරේ සිට එය සිය උපන්දිනය සැප්තැම්බර් 8,26 සහ ඉන් පසු 27 දා සමරන්නට යොදා ගෙන ඇත.

අද වන විට ගූගල් සමාගම ලෝකය පුරා භාෂාවන් 100ක් මගින් ක්‍රියාත්මක වෙයි. සෑම වසරකම පරිශීලකයන්ගේ ගැටළු ට්‍රිලියන ගණනාවකට පිළිතුරු සපයයි.

Google නොමැති ලෝකයක් පිළිබදව අද අපට සිතන්නටවත් නොහැකිව ඇත. එය අපේ ජීවිත වලට එතරම් සමීප වී ඇත. ගූගල් ඔබට සුබ උපන් දිනයක්!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි