×

සමරිසියන්ට හෝ සංක්‍රාන්ති පුද්ගලයින්ට හිරිහැර කරන්නේ බලාගෙනයි! වසර තුනක සිර දඞුවම්

සමරිසි භීතිකාව හෝ සංක්‍රාන්ති භීතිකාව නිසා සමරිසි පුද්ගලයින්ට හෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින්ට එරෙහිව සිදුකරන ඕනෑම හිරිහැරයක් නීතිමය වශයෙන් අපරාධමය වරදක් ලෙස සලකා එවැනි වැරදි වලට වසර තුනක සිර දඞුවමක් නියම කිරීමට ස්විස්ටර්ලන්තය සූදානම් වේ.


ස්විස්ටර්ලන්තය මීට පෙරද මෙවැනිම තීරණයක් ගනු ලැබූවේ ජාතිවාදය පදනම් කරගෙන සිදුකරන ඕනෑම ක්‍රියාකාරකමක් දඞුවම් ලැබිය යුතු වරදක් බවට පත් කරමිනි. සමරිසි භීතිකාව හා සංක්‍රාන්ති භීතිකාව යනු ජාතිවාදයටත් වඩා බරපතල කාරණාවක් බව ස්විස්ටර්ලන්ත ජාතික සභාවේ සභික මැතියාස් රේනාඩ් මහතා සඳහන් කරයි. ස්විස්ටර්ලන්ත ජාතික සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කළ රේනාඩ් මහතා මෙලෙස අදහස් දක්වයි.

“ජාතිවාදය පදනම් වන්නේ ඔබ උපත ලැබූ පසුව ඔබට පරම්පරාවෙන්, දෙමව්පියන්ගෙන් ලැබෙන දෙයක් මත ඇති කරගනු ලබන ස්වයං මමත්වය මගිනි.

ඔබගේ ජාතිය උසස්ය, ඔබගේ පාට සුදුය, ඔබ උපතින් ස්විස් ජාතිකයෙකි යනුවෙන් ඔබ තුළ ඇතිවන අහංකාර අභිමානය කෙළවර වන්නේ ජාතියක් වශයෙන් එබ අන් ජාතිකයින් පෙළීමට, හිරිහැර කිරීමට උත්සාහ කිරීම මගිනි.

එහෙත් සමරිසි පුද්ගලයින් සම්බන්ධයෙන් ඔබට පවතින භීතිකාව ජාතිවාදයට වඩා වෙනස්ය.

එයට හේතුව ඔබ හිරිහැර කරන්නේ හෝ, අපහාස කරන්නේ, එසේත් නැතිනම් වෙනස්කොට සලකන්නේ පුද්ගලයෙකු උපතින්ම රැගෙන එය දෙයක් සම්බන්ධයෙනි. ජාතිවාදය ඔබට පවරනු ලැබූවක් වේ.

එහෙත්, සමරිසියෙකුව හෝ සංක්‍රාන්තියෙකු වීම පැවරීමක් කළ නොහැක.

ඒ ඔවුන් තමන්ගේ ලිංගික දිශානතිය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අනන්‍යතාවය මත උපතින්ම රැගෙන එන දෙයකි. ජාතිවාදිය ඔබ තුළ ඇති කරවිය හැකිය, එහෙත් සමරිසි වීම ඔබට බලෙන් ඇති කළ හැක්කක් නොවේ.

ඔබ කිසිවෙකුගේ ලිංගිකත්වය හෝ ලිංගික කැමැත්ත මත පදනම්ව ඔහුට හෝ ඇයට අවමන් කරන්නේ නම්, හිරිහැර කරන්නේ නම්, අපහාසයට – සමච්චලයට ලක්කරන්නේ නම්, ඔබ සිදුකරන්නේ පුද්ගලයෙකුගේ අතිශය සංවේදී, අතිශය පෞද්ගලික කාරණාවකට නින්දිත ලෙස මැදිහත් වීමකි.

එම නිසා ඔබ එවැනි ආකාරයේ වැරැද්දක් සම්බන්ධයෙන් නින්දිත ලෙස දඞුවම් විඳිය යුතුය.”

සමරිසි භිතිකාව හා සංක්‍රාන්ති භීතිකාව මත පදනම්ව සිදුකරනු ලබන වැරදි වලට සිරගත දඞුවම් ලබාදිය යුතු බවට රේගන් විසින් ස්විස් ජාතික සභාවට ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 118ක් හා විපක්ෂව ඡන්ද 60 ක් ලැබුණු අතර, ඒ අනුව ඉදිරියේදී ස්විස්ටර්ලන්ත නීති පොත අලුත් විමට නියමිතව තිබේ. මෙම ඡන්දයෙන් ලැබුණු ප්‍රතිඵල සම්බන්ධයෙන් අදහස් දැකුවූ රේගන් මහතා ප්‍රකාශ කර සිටියේ ස්විස් පාර්ලිමේන්තුව විසින් තැබූ මෙම පියවර මානව හිමිකම් හා මූලික මිනිස් අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල පිම්මක් වන බවයි. ජාතිවාදය හා සමානවම සමරිසි පුද්ගලයින්ට හිරිහැර කිරීම විරෝධය පෑමේ විකල්පයක් නොවන බවට ඉතා බලගතු පණිවිඩයක් මෙමගින් ජනතාව වෙත ලබා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

රේගන් විසින් ස්විස් පාර්ලිමේන්තුව හෙවත් ජාතික සභාවට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ සමරිසි හා සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් විසින් තමන්ට පෞද්ගලිකව මුහුණ පෑමට සිදු වූ කායික, වාචික හා මානසික හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් පසුවය. මෙම හිංසන අතරින් වඩාත්ම දරුණු ලෙස බලපෑම් කරන්නේ මානසික හිංසනයි. එනම්, රැකියා ස්ථානවලදී සමරිසියන් කොන් කර දැමීම, රැකියා ස්ථානය හැර දා යාමට පෙළඹෙන ආකාරයෙන් වෙනස් කොට සැලකීම, කල්ලි වශයෙන් එකතුවී සමරිසි හෝ සංක්‍රාන්ති පුද්ගලයා හුදෙකලා කිරීම යනාදියයි. එමෙන්ම බොහෝ අවස්ථාවලදී සිදුවන දෙයක් නම්, රැකියා ස්ථානයේ හෝ අධ්‍යාපනය ලබන ස්ථානයේදී හෝ සමරිසි හෝ සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයිගේ මේසය මත විවිධ අපහාසාත්මක වචන සඳහන් කොළ කැබලි අමුණා තිබීමයි. විශේෂයෙන් මෙවැනි පුද්ගලයින් වැසිකිළියට යන අවස්ථාවලදී සිදුකරන විවිධ කායික හා මිනසික ක්‍රියාවන්, විවිධ ආකාරයෙන් සිදුකරන අභින හා ඉඟි බිඟි පැම් යනාදිය විශේෂයෙන් සලකා බැලිය යුතුය.

ස්විස්ටර්ලන්තයේ පවතින නඩු තීන්දු නීතිය (Case Law) මගින් එල්.ජී.බී.ටී හෙවත් විවිධ ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයින්ට එරෙහිව සිදුකරන විවිධ වෛරී සහගත ප්‍රකාශයන් හෝ වෙනත් අසමාන කොට සැලකීම් වලට දඞුවම් ලබාදීමේ යාන්ත්‍රණයක් නොමැති අතර, පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ මෙම යෝජනාව ඉදිරියේදී ස්විස්ටර්ලන්ත රාජ්‍ය සබාවේ අනුමැතිය ලැබීමෙන් පසුව නීතියක් වශයෙන් බලාත්මක වනු ඇත.

ස්විස්ටර්ලන්තය සමරිසි පුද්ගලයින් පිළිගන්නා හා සමරිසි හැසිරීම් අපරාධමය වරදක් නොව සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක් බව පිළිගන්නා රටක් වන අතර, තවමත් සමරිසි පුද්ගලයින්ට විවාහ වීම වැනි අයිතිවාසිකම් ලබා දී නොමැති රටකි. රේගන් විසින් පවසන පරිදි ඔවුන්ට එරෙහිව සිදුකරන විවිධ වෙනස්කම් තුරන් කිරීමේ ක්‍රියාදාමය විසින්ම ඔවුන්ගේ විවාහ විමේ හා පවුලක් ගොඩනගා ගැනීමේ අයිතියට පදනම සපයනු ඇත. එමෙන්ම ස්විස්ටර්ලන්තය එල්.ජී.බී.ටී ප්‍රජාවට ජීවත් විය හැකි නිදහස් රටක් වශයෙන් පෙරමුණට පැමිණෙනවා ඇත.
ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුව විසින් ගනු ලැබූ මෙම ප්‍රගතිශීලී තීරණය රටක් වශයෙන් අපට කියා දෙන්නේ කුමක්ද? සමරිසි අයිතිවාසිකම් ලබාදීම කෙසේ වෙතත් ඔවුන්ට එරෙහිව යම් ආකාරයක හිරිහැර හා වෙනස් කොට සැලකීම් සිදුවනවා ය යන්න තේරුම් ගැනීමට පාර්ලිමේන්තු නියෝජිතයින් හා ජනතාව වශයෙන් යම් කිසි සංවේදීභාවයක් තිබිය යුතු බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන යම් නියෝජිතයෙකු සමරිසියෙකු හෝ සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයෙකු වන්නේ නම් තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු හෝ ඇය පෙනී සිටිය යුතු බවයි. එලෙස පෙනී සිටීවි යැයි සමරිසි හා සංක්‍රාන්ති ප්‍රජාව විසින් එවුන් පිළිබඳ බලාපොරොත්තු තබාගෙන සිටින බවයි. එහෙත් පසුගිය කාලයේදී සමරිසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආකල්ප හා අදහස් විමසන කල පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කිසිදු සමරිසි නියෝජනයක් නොමැති බව හෝ එසේ වෙමින් නොව ලෙස ව්‍යාජ රංගනයක සුපුරුදු පරිදිම යෙදී සිටිය හැකි බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි