×

පළමු විදෙස් සංචාරයට, හැරී සහ මෙගන් සූදානම්

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන දෙරට වෙත ඔවුන් සංචාරය කරනු ඇත.


රාජකීය විවාහ මංගල්‍යයෙන් පසු සිය ප්‍රථම රාජතාන්ත්‍රික සංචාරය සඳහා හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් මාර්කල් සූදානම් වෙමින් සිටී. ඒ අනුව එළැඹෙන ඔක්තොම්බරයේදී ඔස්ට්‍රේලියාව සහ නවසිලන්තය යන දෙරට වෙත ඔවුන් සංචාරය කෙරෙනු ඇත.

හැරී කුමරු විසින් හඳුන්වා දුන් ආබාධිතයින් සඳහා වන ජාත්‍යන්තර තරඟයේ (Invictus games) මී ළඟ උළෙල ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය . රාජකීය දෙපළ මේ සඳහාද සහභාගී වීමට නියමිතය.

හැරී කුමරුගේ මවුපියන් වන චාල්ස් කුමරු සහ ඩයනා කුමරියද සිය විවාහයෙන් පසු ප්‍රථම විදෙස් සංචාරය සිදු කළේද ඔසුට්‍රේලියාවට සහ නවසිලන්තය යන රටවල් වෙතයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි