×

ඇල්බස් ඩම්බල්ඩෝර් මිය යයි

Hogwarts හි මායා පාසලේ ප්‍රධාන ගුරුවරයා


හැරී පොටර් කතා මාලාවේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පන පොවන ලද රංගන ශිල්පී ශ්‍රීමත් මයිකල් ගැම්බන් (Sir Michael Gambon) නිවුමොනියව වැළදීම හේතුවෙන් මිය ගිය බව ඔහුගේ පවුලේ සමීපතමයන් ප්‍රසිද්ධ කර තිබේ.

මිය යනවිට හෙතෙම 82 වන වියේ පසුව ඇති අතර ඔහුගේ බිරිඳ හා පුත් ෆර්ගස් පවසා තිබුණේ, සිය ආදරණිය ස්වාමිපුරුෂයා ආදරණිය පියා නියුමෝනියාව වැළඳීමෙන් පසුව ඔහුගේ පවුලේ අය සමඟ සාමකාමීව රෝහලේදී මිය ගිය බවයි.

1962 දී වේදිකා රංගනයට පිවිසි ශ්‍රීමත් මයිකල් ගැම්බන් වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනි හා චිත්‍රපටය රංගන ශිල්පියෙකු මෙන්ම ගුවන්විදුලි ශිල්පියෙක්ද විය. ඔහු ලන්ඩනයේ ලෝරන්ස් ඔලිවියර්ගේ ජාතික රඟහල රංගන සමාගමේ මුල් සාමාජිකයෙකු වූ අතර රංගනයන් වෙනුවෙන් ඔලිවියර් සම්මාන තුනක් දිනා ගනු ලැබිය.

1998 දී විනෝදාස්වාද ක්‍ෂේත්‍රයට කරන ලද සේවාවන් සඳහා නයිට් පදවියක් ලබා ගනු ලැබූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් නිරුපනය කළ චරිත අතර ITV කතා මාලාවේ Maigret හි ප්‍රංශ රහස් පරීක්ෂක Jules Maigret ලෙස රඟපෑ අතර BBC හි Dennis Potter ගේ The Singing Detective හි Philip Marlow ලෙස ඔහුගේ භූමිකාව සඳහා ද ප්‍රසිද්ධ විය. 2010 දී Jane Austen ගේ Emma හි අනුවර්තනයක Mr Woodhouse ලෙස ඔහුගේ චරිතය සහ 2002 දී Path to War හි ජනාධිපති Lyndon B Johnson ලෙස රඟපෑම සඳහා ඔහු එමී සම්මාන සඳහා නම් කරන ලදී.

2003 දී රිචඩ් හැරිස්ගේ මරණයෙන් පසුව, JK Rowling ගේ නවකතා පාදක කරගනිමින්, ජනප්‍රිය Harry Potter කතා මාලාවේ, Hogwarts හි මායා පාසලේ ප්‍රධාන ගුරුවරයා වන Dumbledore ගේ චරිතය ශ්‍රීමත් මයිකල් නිරුපනය කළ අතර ඒ වෙනුවෙන් ඔහු ලෝකය පුරා ලොකු කුඩා සැමගේ ගෞරවාදරයට පාත්‍ර විය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි