×

හිමාලය තවමත් සෙළවුණු ගමන්: විශාල භූමිකම්පාවක් ඕනෑම මොහොතක!

මේ ලියන මොහොත වන විටද හිමාලය ආශ්‍රිතව පිහිටා තිබෙන ටිබෙටයට රික්ටර් ඒකක 5.2 ක භූමිකම්පාවක් ඇති වී තිබෙන බව වාර්තා වේ.


එදා 2015 අප්‍රේල් 25 වැනිදා නේපාලයේ වසන්ත අහසේ හිරු පායා තිබුණේ අතිශය සාමාන්‍ය පරිදි ය. නමුත් උදෑසන 11.56 වන විට සියල්ල වෙනස් විය.

අති ප්‍රබල රික්ටර් පරිමාණ 8.7 ක භූමි කම්පාවක් කලාපය වෙළා ගත්තේ එදා ය. ගොඩනැගිලි මිනිස් ජීවිත සිය ගණනක් සමග පොළොවට සමතලා විය. භූමි ප්‍රදේශය දෙදරවා හරිමින් මහා භූ චලන ද රාශියක් හටගත්තේය. එවරස්ට් කඳු මුදුනෙන් මහා හිම කඳු කඩා වැටීමක් වාර්තා විය.

අවසන් සංඛ්‍යාෙල්ඛන අනුව  9000 කට අධික පිරිසක් ජීවතක්ෂයට පත්වූහ. තවත් දහස් ගණනකට තුවාළ සිදුවිය.

මහා විනාශයට නම ලබා දී තිබුණේ ගෝර්කා භූ චලනය ( The Gorkha earthquake) ලෙස ය. සමතලා වූ නිවාස ගණන ලක්ෂ හයකි. නගර සුණු විසුණු විය. ඒ සිදුවූ විනාශයෙන් ගොඩ ඒමට නේපාලය තවමත් වෙහෙසෙයි.

බැලූ බැල්මට පරණ කතාවක් සේ පෙනෙන නේපාල භූමිකම්පාව නැවත මෙසේ කරළියට එන්නේ ඇයි?

වරස්ට් තවමත් සෙළවුණු ගමන් නිසා ය.

2019 ජනවාරි මාසයේ පළ කර තිබෙන Nature Communications ජර්නලය එහි බැරෑරුම්කම මොනවට පැහැදිලි කරයි. එයට අනුව එවරස්ට් තවමත් සෙළවුණු ගමන් ය. එමගින් ඇති කළ කම්පන ධාරාවන් විසින් භූ තැටි ස්ථිර ලෙසම අස්ථිර කර තිබේ.

Nepal – Buildings are damaged after earthquake in Kathmandu, Nepal, April 25, 2015.(Credit Image: © Stringer/Xinhua/ZUMA Wire)

“මේ භූ චලන අවදානම ඉන්දියානු අර්ධද්වීපයට ඉතා ප්‍රබල බලපෑමක් ඇති කරාවි. ඉන්දු ගංගා තැනිතලාවේ භූ තලය මේ නිසා කම්පිත වුණා..“ යැයි භූ විද්‍යාඥ ලුකා ඩාල් සිලියෝ පවසයි. ඉන්දු ගංගා තැනිතලාව යනු, මිනිසුන් මිලියන 400 ක් ජීවත් වන භූමි භාගයක් බව මෙහිදී අමතක නොකරන්න.

දැන් මේ කතාවේ භයානකම කොටස වෙත හැරෙමු. එදා 2015 වසරේ එවරස්ට් කන්ද ආශ්‍රිතව හටගත් භූ චලනය හේතුවෙන් ඉන්දියානු අර්ධද්වීපය ආශ්‍රිතව ඕනෑම මොහොතක රික්ටර් ඒකක 8 ඉක්මවූ අති ප්‍රබල භූ චලනයක් ඇති විය හැකිය. වෙනත් වචනවලින් පවසන්නේ නම් එය අද හෝ හෙට, එසේත් නැතිනම් තවත් සතියකින්, එසේත් නැතිනම් තවත් සියවස් 5 කින් හෝ ඇතිවිය හැකිය.

භූමි කම්පා යනු, කලින් අනාවැකි කිව නොහැකි අතිශය අවදානම් ස්වභාවික විපතක් බව මෙහිදී අමතක නොකරන්න.

මූලාශ්‍රය : නැෂනල් ජියෝග්‍රැෆික්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි