×

යුද්දය කාලේ ආලේ

ලෝක ඉතිහාසය පුරා යුද්ධයට සහභාගි වූ සොල්දාදුවන්ගේ චිත්ත ධෛර්යය වඩාත්ම හීනකළ මොහොතක් වේ නම්, එය තම ප්‍රියයන්ගෙන්, තම පවුල්වල අයගෙන් සමුගන්නා නිමේෂයයි.


පළමු ලෝක යුද්ධය, දෙවැනි ලෝක යුද්ධය වැනි මහා යුද්ධ සඳහා රටවල් ගණනාවක තරුණයන්ට එතෙර යාමට සිදුවිය. එන්නේදැයි නොදැන, යන බව පමණක්ම දැනගෙන සිදුකරන මේ සමුගැනීම්, අනියත ජීවිතයේ මොහොතක සැනසුමක් හෝ ලබාදෙන්නේ ආදරය පමණක් බව අපට නැවත වරක් සපථ කර දෙයි.

මේ කාලයේ ෆොටෝෂොප් තිබුණේ නැත. එනිසා අප විසින් ඔබ වෙත ගෙන ඒමට සැරසෙන කළුසුදු ඡායාරූප පෙළ, කිසිසේත්ම සංස්කරණය නොකළ ඒවා ය.

මේ 1963 වසරේ ඇමරිකානු සොල්දාදුවන් ඊජිප්තුව බලා යාමට පෙර සිය ප්‍රියයන්ගෙන් සමුගත් මොහොතයි.

1950 වසරේ කොරියානු යුද්ධයට සහභාගි වීම සඳහා ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නගරයේදී සමුගත් ඇමරිකානු සොල්දාදුවෙක්

දෙවන ලෝක යුද්ධය අවසන් වීමට ඔන්න මෙන්න තිබියදී සිය පෙම්වතිය සමග ලන්ඩනයේ කෙන්සින්ටන් උද්‍යානයේ මොහොතක ඉසිඹුවක් ලැබූ සොල්දාදුවෙක් – 1945

1943 අප්‍රේල් – නිව්යෝක් හි පෙන් ස්ටේෂන්

බ්‍රිතාන්‍ය සොල්දාදුවන්, 1937 වසරේ ඊජිප්තුව බලා පිටත්ව යාමට පෙර

දුම්රියපොළේදී දුන් හාද්ද – 1945 – ඇමරිකාවේ කනෙක්ටිකට් දුම්රිය ස්ථානය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි