×

හොංකොං විරෝධතා – විරෝධතාකරුවන් 40000කට එරෙහිව පොලීසියෙන් 13000ක්

රජයේ සේවකයන්ද විරෝධතාවට එක්වේ


චීනය හා ඇති කර ගන්නට යන උදර්පණ නීතියට එරෙහිව වීදි බසින හොංකොං හී ජනතාවගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වෙමින් තිබේ. අද වන විට සියලු රාජ්‍ය සේවකයන්ද විරෝධථාවයේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නට පටන් ගෙන ඇත.

පසුගිය මාර්තු මාසයේී ආරම්භ වූ මෙම විරෝධතාවය තවමත් කිසිදු පසුබැසීමකින් තොරව සාර්ථක ලෙස ජනතාව විසින් ක්‍රියාත්මක කරමින් සිටින අතර විරෝධතාව නැවැත්වීමට එරට පාලිකා කේරී ලෑම්ගේ රජය විසින් විවිධ උත්සහයන් ගන්නා ලදී. නමුත් චීනය සමග පැමි‍ණෙමින් සිටින එකගතාවන් නැවැත්විය යුතු බවට විරෝධතා කරුවන් දිගින් දිගටම සිය පාලනයට බල කරමින් සිටී, මේ වන විට සාමාන්‍ය වශයෙන් විරෝධතා කරුවන් 40000ක් පමණ වීදි බැස ඇති බවට අනුමානය කරන අතර එය පාලනය කිරීම සදහා රජය විසින් මේ මොහොත වන විට ආරක්ෂක නිළධාරීන් 13000ක් යොදවා ඇත.

හොංකොං හී අපරාධ වරද සම්බන්ධව චූදිතයන් නීතිය පසිදලීමේ ක්‍රියාමාර්ග සදහා චීනයට භාර දිය යුතු වීමේ උදර්පණ නීතියක් හදුන්වා දීමට කටයුතු කිරීම මෙම විරෝධතාවට මූලික හේතුව වෙයි. උද්ඝෝෂකයින් පවසන්නේ සිය රට වැසියන්ගේ නීතිය පසිදලීමට චීනය මැදිහත්විය යුතු නොවන බවත් මේ ඔස්සේ චීනයට එරෙහි හොංකොං ක්‍රියාකාරීන් චීනය විසින් අත් අඩංගුවට ගැනීමට සහ හසුකර ගැනීමට මාන බලන බවත්ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි