×

හොංකොං හි සියළු ගුවන් ගමන් කාල වෙනස් වේ!

හොංකොං ගුවන්තොටුපළ අද (13) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එරට සියළු ගුවන් ගමන් ක්‍රියාත්මක වීම සංශෝධනය වනු ඇති බවට යි.


හොංකොං ගුවන්තොටුපළ අද (13) දින නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ එරට සියළු ගුවන් ගමන් ක්‍රියාත්මක වීම සංශෝධනය වනු ඇති බවට යි.

මෙමඟින් කළින් වෙන්කළ ගුවන් ගමන් කාල සංශෝධනය වීමට ඉඩ ඇති බවද ගුවන්තොටුපළ පවසා සිටියි. එමෙන්ම, හොංකොං ගුවන්තොටුපළ මෙම තීරණය ගෙන ඇත්තේ, චීන රජයට විරෝධය පාමින් පුළුල් ව්‍යාපාර දියත් කළ පුද්ගලයින් ත්‍රස්ත ක්‍රියා හැඟවෙන කටයුතු වල නිරත වීමත්, එමඟින් එරට ගුවන් ගමන් දිනයක් පුරාවට අඩාල වීමත් නිසා ය.

මෙම නිවේදනය එරට වේලාවෙන් පෙරවරු 6 ට හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පිවිසීම සඳහා ඇති ස්මාර්ට් ජංගම දුරකතන යෙදුමට පණිවුඩයක් ලෙස ලැබී ඇත.

ලොව පවතින කාර්යබහුලම ගුවන්තොටුපළක් වන හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය දින ඇතිවූ ගුවන්ගමන් ප්‍රමාදයට සෘජුවම චෝදනා කරන්නේ උද්ඝෝෂණ වල නිරත වූ පිරිස් වෙතය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි