×

හයිපර්ලූප් දුම්රිය ඉන්දියාවටත්

මුම්බායේ සිට පූනේ නගරයට පැය බාගයකටත් වඩා අඩු කාලයකින් මේමගින් යන්නට හැකියාව ලැබේවි.


ඉන්දියාවේ ගමනාගමන ක්ෂේත්‍රය කළඹන අලුත්ම සංකල්පය බවට අනාගතයේදී හයිපර්ලූප් දුම්රිය පත්වීමට නියමිතයි.

වර්ජින් හයිපලූප් වන් (Virgin Hyperloop One) කියන්නෙ ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරය පදනම් කරගෙන ක්‍රියාත්මක වන සමාගමක්. එය ටෙස්ලා සමාගමේ නිර්මාතෘ එලන් මස්ක්ගේ තවත් එක් සමාගමක්.

මේ සමාගමේ පරම කර්තව්‍යය වන්නේ මහජන ගමනාගමනය, ‘හයිපර්ලූප්ස්‘ මගින් සිදුකිරීම. මේවා අධිවේගී පොඩ් යන්ත්‍ර. නළ හරහා ඉතාම අධිවේගයෙන්, ඉතාම කෙටි කාලයක් තුළදී ඒවා ගමන් කරනවා. මේවා උමං දුම්රියවලින් වෙනස් වන්නේ, අධික වේගය නිසා විතරක් නෙවයෙි, මේ නළ, පොළෝ මට්ටමෙන් ඉහළින් පිහිටා තිබීමත් එයට එක හේතුවක්.

MarketWatch

MarketWatch

මේ වන විට ලෝකයේ මිනිසුන් ප්‍රවාහනය කිරීම සඳහා තිබෙන වේගවත්ම ක්‍රමය විදිහට සැලකෙන්නේ හයිපර්ලූප්.

CNN

CNN

වර්ජින් හයිපර්ලූප් සමාගම ට දැන් නව ප්‍රධාන විධායක නිලධාරියෙක් ඇවිත්. ඔහු තමයි, ජේ වෝල්ඩර්. වර්ජින් සමාගමේ නිර්මාතෘ රිචඩ් බ්‍රැන්සන් සමග එක් වී දැන් ඔහු සැරසෙන්නේ ඉන්දියාවට හයිපර්ලූප් ක්‍රමය ගෙන යන්නටයි.

ඉන්දියාවේ වඩාත්ම ජනාකීර්ණ නගරය වන මුම්බායිවල ඉඳන් පූනේ නගරය දක්වා හයිපර්ලූප් ක්‍රියාත්මක කරවන්නට ඔවුන් සැලසුම් කරනවා.

මේ නගර දෙකම පිහිටා තිබෙන්නේ මහාරාජෂ්ට්‍ර ප්‍රාන්තය තුළයි. නගර දෙක අතර දුර කිලෝමීටර 150 ක්. (සැතපුම් 93 ක්). ජනාකීර්ණ හෝරාවන්වලදී අඩුම වශයෙන් පැය හතරහමාරක්වත් මේ නගර දෙක අතර ගමනකට වැය වෙනවා.

නමුත් හයිපර්ලූප් එකකට මේ සඳහා වැය වන්නේ විනාඩි 25 ක් විතරයි.

හයිපර්ලූප් සංකල්පය මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නේ 2014 වසරේදීයි. මේකෙන් ඉතිරි වෙන්නේ කාලය විතරක් නෙවෙයි. සාමාන්‍යෙයන් මෝටර්රථ අත හැර හයිපර්ලූප් වෙත යොමුවුණොත් මිනිසුන්ට පරිසරයට මුදා හරින කාබන් ටොන් 150,000 ක්, එසේ පරිසරයට මුදා හැරීමෙන් වළක්වා ගන්නට හැකියාව ලැබේවි.

‘‘ඉන්දියාව හයිපර්ලූප් වෙළඳපොළ සඳහා හොඳම ස්ථානයක් බව අපි හැමවිටම විශ්වාස කළා‘‘ යැයි වර්ජින් හයිපර්ලූප් වන් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන හර් ධලිවාල් බ්ලොග් සටහනක් ලියමින් කියා තිබෙනවා.

ඉන්දියාව ලෝකයේ දියුණු තාක්ෂණයත් සමග ඉදිරියට ගෙන යන්නට අගමැති නරේන්ද්‍ර මෝදි හැමවිටම උත්සාහ ගන්නවා. රිචඩ් බ්‍රැන්සන් සමග අදාළ ගිවිසුම අත්සන් කරන අවස්ථාවට මෝදිත් ඉතාම සතුටෙන් යුතුව එක් වී සිටියා.

[embedyt] https://www.youtube.com/watch?v=zcikLQZI5wQ[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි