ඉන්දියානු යුවතියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මුල් පුටුවකට
ඉන්දියානු සම්භවයක් සහිත ගීතා ගෝපිනාත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥවරිය (Chief Economist) වශයෙන් පත් කර තිබේ.
මෙය, කාන්තාවක් මෙම තනතුරට පත් වූ ප්‍රථම අවස්ථාවයි.
එය ලෝක ආර්ථිකයේ සුක්කානමක් වශයෙන් සලකන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානතම සහ වගකිව යුතු තනතුරකි. මෙම තනතුරට පත්වීමත් සමග ඇය ප්‍රධාන ආර්ථික උපදේශකවරිය මෙන්ම පර්යේෂණ අංශයේ ප්‍රධානියා ලෙස ද පත් වේ.
46 හැවිරිදි ගීතා ගෝපිනාත්, හාවඩ් සරසවියේ අන්තර්ජාතික අධ්‍යයනයන් සහ ආර්ථික කටයුතු පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කරයි.
ඇය ලෝකයේ ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යා සමාලෝචනයක් වන American Economic Review හි සම කතුවරිය ද වේ.