×

පාර්ලිමේන්තුව වහාම කැඳවන්න! – ඇමරිකාව ලංකාවට කියයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හදිසි නිවේදනයක් නිකුත් කරමින්, කථානායකවරයා සමග සාකච්ඡා කර පාර්ලිමේන්තුව වහාම කැඳවීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දී සිටියි.


එහිදී අවධාරණය කෙරෙන්නේ, ‘‘ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තේරී පත්වූ ජනතා නියෝජිතයන්ට, ආණ්ඩුවේ නායකයා කවුදැයි තහවුරු කිරීමේ වගකීම ඉටු කර දීමට අවස්ථාව ලබාදෙන‘‘ ලෙසයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා හෙදර් නෝකට් විසින් මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ තමන් විමසිල්ලෙන් පසුවන බව පවසන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ තර්ජනය කිරීම්/බිය වැද්දවීම්වලින් වළකින්නැයි සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි