×

රාහුල් ගාන්ධිගේ පෙත්සම නිශ්ප්‍රභා කෙරේ; 2024 මැතිවරණ අසුනත් අහිමිවන ලකුණු

ඉන්දීය නීතියට අනුව ඕනෑම වරදකට වරදකරු වී වසර දෙකකට නොඅඩු සිරදඬුවම් නියම වූ අයෙකුට මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විය නොහැක.


ඉන්දියාවේ බටහිර ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින් කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි විසින් අපහාස නඩුවකට තමා වරදකරු කිරීම අත්හිටුවන ලෙස ඉල්ලා කළ පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ (BJP)මන්ත්‍රීවරයෙකු වන පූර්ණේෂ් මෝදි විසින් කොංග්‍රස් පක්ෂ නායකයා මැතිවරණ වේදිකාවකදී මෝදි යන වාසගම සහිත පලාගිය ඉන්දීය ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගැන සඳහන් කරමින් කරන ලද ප්‍රකාශයකින් මෝදි යන අයගේ වාසගමට අපහාස කිරීමක් ලෙස මෙම නඩුව ගොනු කර ඇත. මෙමඟින් රහුල් ගාන්ධි වරදකරු වන්නේ නම් 2024 මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට ඔහුට අවස්ථාව අහිමිවනු ඇති අතර සූරත් නගරයේ දිස්ත්‍රික් අධිකරණය විසින් පනවන ලද වසර දෙකක සිර දඬුවමක් ද නියම වනු ඇත.

රාහුල් ගාන්ධි නීතියෙන් වරදකරු වීමත් සමඟ පසුගිය මාර්තු මාසයේ ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි විය.

ඉන්දීය නීතියට අනුව ඕනෑම වරදකට වරදකරු වී වසර දෙකකට නොඅඩු සිරදඬුවම් නියම වූ අයෙකුට මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් විය නොහැක. ඒ අනුව අධිකරණයක් විසින් ඔහුගේ වරදකරුවීම සහ වසර දෙකක සිරදඬුවම අවලංගු කරන්නේ නම් ඉදිරි වසර අට සඳහා මැතිවරණයට ඉදිරිපත් විය හැකිය.

කොන්ග්‍රස් නායකයෙකු සහ නීතීඥයෙකු වන නයිෂාද් දේසායි මාධය වෙත ප්‍රකාශ කර තිබුණේ මේ සම්බන්ධයෙන් අභියාචනයක් ගුජරාට් මහාධිකරණයට ඉදිරිපත් කරන බවත් අධිකරණය යුක්තිය ආරක්ෂා කර ප්‍රජාතන්ත්‍රවාදය සුරකිනු ඇතැයි විශ්වාස කරන බවයි.

1947 නිදහසින් පසු දශක ගණනාවක් ඉන්දීය දේශපාලනයේ ආධිපත්‍යය දැරූ පවුලක කීර්ති නාමයට හානි කිරීමට භාරතීය ජනතා පක්ෂය විසින් චෝදනා කිරීම මෝදි විරෝධීන් දැඩිලෙස හෙළාදැක තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි