×

ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපය යා කෙරෙන නව ආර්ථික කොරිඩෝවක් නිර්මාණය කෙරේ

මෙම ආර්ථික කොරිඩෝව ඉදිරි වසර සිය ගණනක ලෝක වෙළෙඳාමේ පදනම බවට පත්වනු ඇත.


පසුගියදා දිල්ලියේ පැවැති G20 සමුළුවට සමගාමීව එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සහ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු හා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී සමඟ එකතුව ඉන්දියාව-මැදපෙරදිග-යුරෝපී යා කරමින් නව ආර්ථික කොරිඩෝවක් (IMEC) නිර්මාණය කිරීමට සුදානම් බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී විසින් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම ආර්ථික කොරිඩෝව ඉදිරි වසර සිය ගණනක ලෝක වෙළෙඳාමේ පදනම බවට පත්වනු ඇතැයි ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර ඇති අතර මේ හරහා යුරෝපය සහ ආසියාව අතර දුම්රිය හා නාවික ජාල හරහා ප්‍රවාහන හා සන්නිවේදන සම්බන්ධතා ජාල පුළුල් වනු ඇත.

චීනය විසින් සංවර්ධන පියසටහන හරහා උපාය මාර්ගික බලපෑමක් ලබා ගැනීමේ යටි අරමුණු ඇතිව, අග්නිදිග ආසියාව, මධ්‍යම ආසියාව, රුසියාව සහ යුරෝපය සමඟ සම්බන්ධ කරන වන් රෝඩ් වන් බෙල්ට් ව්‍යාපෘතිය වෙනුවෙන් IMEC කොරිඩෝව එක්සත් ජනපදයේ ප්‍රතිමූර්තියක් ලෙස බොහෝ දෙනා හඳුන්වා දී තිබේ.

මෙම ව්‍යාපෘතියට සම්බන්ද වීමෙන් ඇමරිකාවට විශේෂ ප්‍රතිලාභයක් නොමැති මුත් වැඩෙන චීන ව්‍යාප්තවාදය හමුවේ ඉන්දියාවට සහය ලබා දීමෙන් සිය රාජ්‍යතාන්ත්‍රික පැවැත්ම තහවුරු කරගනු ඇත.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි