×

ඉන්දියාව කැනේඩියානු විසා බලපත්‍ර අත්හිටුවයි

ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi මේ සම්බන්දයෙන් ප්‍රකාශ කර තිබුණේ, කැනඩාව තම ජාත්‍යන්තර කීර්තිය ගැන කරදර විය යුතු බවයි.


කැනඩාවේ විසූ සික් නායකයෙකු වන හර්දීප් සිං නිජ්ජාර් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සික් කෝවිලක් අසලදී වෙඩි තබා ඝාතනය කරන කිරීම සම්බන්දයෙන් ඉන්දීය රජය සැක කරන බවට අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ඉන්දීය රජය විසින් කැනේඩියානු විසා බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

පසුගිය සික් නායකයාගේ මරණය සම්බන්ධයෙන් අගමැති ටෘඩෝ ඉන්දියාවට චෝදනා කිරීමත් සමඟ දෙරට අතර හොඳ හිත පලුදු වූ අතර මෙම චෝදනාව ඉන්දියාව දැඩිව ප්‍රතික්ෂප කරමින් ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Bagchi මේ සම්බන්දයෙන් ප්‍රකාශ කර තිබුණේ, කැනඩාව තම ජාත්‍යන්තර කීර්තිය ගැන කරදර විය යුතු බවත්, කැනඩාව මේවන විට ත්‍රස්තවාදීන්ට, අන්තවාදීන්ට හා සංවිධානාත්මක අපරාධ සඳහා තෝතැන්නක් බවට පත්ව ඇති බවත්ය.

Arindam Bagchi මහතා මෙහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණේ, කැනේඩියානු බලධාරීන්ගේ අකාර්යක්ෂමතාව, අපගේ මහ කොමසාරිස් කාර්යාලයේ සහ කොන්සල් කාර්යාලවල ක්‍රියාකාරිත්වය අඩාල කරන පරිසරයක් නිර්මාණය කිරීම හේතුවෙන් වීසා නිකුත් කිරීම හෝ වීසා සේවා සැපයීම තාවකාලිකව නතර කිරීමට සිදු ව ඇති බවයි.

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ කොටස් ද ඇතුළත් කරගනිමින් වෙනම සීක් නිජභූමියක් නිර්මාණය කිරීම අරමුණු කරගත් සීක් බෙදුම්වාදී ඉල්ලීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව සලකයි. ඉන්දියාවේ නීති විරෝධී ක්‍රියාකාරකම් වැළක්වීමේ පනත (UAPA) යටතේ ඛලිස්තානය පිළිබඳ අදහස හා සම්බන්ධ කණ්ඩායම් ගණනාවක් “ත්‍රස්තවාදී සංවිධාන” ලෙස ලැයිස්තුගත කර ඇති අතර 2020 දී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් හර්දීප් සිං නිජ්ජාර්ගේ නම ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ඇතුලත් කර තිබේ.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි