×

ඉන්දීය වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සැක කරුවන් සිවු දෙනාම වෙඩි තබා ඝාතනය කෙරේ

එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඉන්දීය පොලිසිය විසිනි.


 

ඉන්දියාවේ තෙළගානා ප්‍රාන්තයෙහි පශු වෛද්‍යවරියක වූ ප්‍රියංකා රෙඩ්ඩි දූෂණය කර පුළූස්සා මරා දැමුණු බවට සැක පිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් සිවු දෙනා අද වෙඩි තබා ඝාතනය කර ඇති බවට වාර්ථා වේ.

එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඉන්දීය පොලිසිය විසිනි. ප්‍රියාංකා රෙඩ්ඩි සිය රාජකාරී නිම කොට රාත්‍රියේ නිවසට යමින් සිටියදී ඇගේ මෝටර් සයිකලය සැළසුම් සහ ගත ලෙස ක්‍රියා විරහිත කොට ඇයට උදවු කිරීමේ මුවාවෙන් ලංවූ මෙම සැක කරුවන් සිවු දෙනා ඇයව සමූහ දූෂණයට ලක් කර පසුව පුළුස්සා මරා දමා තිබුණි.
සී සී ටී වී දර්ෂණ ආධාරයෙන් සැකකරුවන් සිවු දෙනා අත් අඩංගුවට ගැනුන අතර ඔවුන්

මොහොමඩ් අරීෆ් – 26 හැවිරිදි ට්‍රක් රථ රියැදුරෙකි.
ජොල්ලු නවීන් – 20 හැවිරිදි රියැදුරෙකි.
ජොල්ලු ෂිවා – 20 හැවිරිදි පිරිසිදු කරන්නෙකි.
චින්තකුන්තා චෙන්නකේෂවාලු – 20 හැවිරිදි පිරිසිදු කරන්නෙකි. විය

මෙම චූදිතයන් සිවු දෙනා සිදුවූම සිදුවූ ස්ථානය වෙත රැගෙන යමින් සිටියදී ඔවුන් පොලීසියේ ග්‍රහණයෙන් මිදී පපලා යෑමට සැක කරද්දී තමන් විසින් වෙඩි තබා ඝාතනය කළ බවට පොලීසිය විසින් ප්‍රකාශයක් නිකුත් කර ඇත.
මෙම සැකකරරුවන් අත් අඩංගුවට ගත් පසුව හයිද්‍රාබාද් හී පොලීසිය ඉදිරියේ දහස් ගණනක් ඉන්දියානුවන් උද්ඝෝෂණය කරමින් ඔවුන් ට දඩුවම් කිරීමට තමන් වෙත භාර දෙන ලෙසට පොලීසියට බල කර සිටියහ.

මේ පිළිබදව නඩුව හැකි ඉක්මණින් විමසීමටත් වරද කරුවන්ට හැකි ඉක්මණින් දඩුවම් කිරීමටත් තෙළගානා ප්‍රාන්ත මහ ඇමතිවරයා විසින් පොරොන්දු ලබා දී තිබිණි.
මිය ගිය ප්‍රියාංකා රෙඩ්ඩිගේ මව විසින් ඉල්ලා සිටියේ සිය දියණිය මරා දැමූ වැරදිකරුවන් පණ පිටින් පුළුස්සා දැමිය යුතු බවයි.

තොම්සන් රොයිටර්ස් පදනමේ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂඥයින්ගේ 2018 සමීක්ෂණය විසින් ඉන්දියා කාන්තාවන් සඳහා ලෝකයේ භයානක රට ලෙස ශ්‍රේණිගත කරන ලදී.

නවතම වාර්ථාවන්ට අනුව 2017 වසරේදී පමණක් දිනකට ඉන්දියාවේ කොහේහෝ දූෂණයට ලක්ව ඇති කාන්තාවන් සංඛ්‍යාව 90 දෙනෙකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි