×

ඉන්දියානු පොලිසිය, රජෙකුගේ කෑම පෙට්ටියක් සොයයි!

බ්‍රසීලයේ රියෝ කෞතුකාගාරය ගිනි ගෙන දැවුණු සන්ධ්‍යාවේ ඉන්දියාවේ නිසාම් කෞතුකාගාරයෙන් සොරකමක් වාර්තා වෙයි.


කෞතුකාගාරයකින් සොරකම් කළ රත්තරන් සහ දියමන්ති එබ්බවූ කෑම පෙට්ටියක් පිළිබඳ ඉන්දියාවේ හයිද්‍රාබාද් පොලිසිය මේ වන විට විමර්ශන පවත්වමින් සිටියි.

මෙම සොරකම, ඉරිදා රාත්‍රියේ කරන්නට ඇතැයි සැලකේ.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අනුව මෙම ස්ථානයේ තිබූ සීසීටීවී කැමරා ද සොරුන් විසින් විනාශ කර ඇති අතර, එහි කිසිදු පටිගතකිරීමක් ඉතිරි වී නැත. කෑම මංජුසාව බහා තිබූ වීදුරු දොර, ඉස්කුරුප්පු නියනක් යොදාගෙන සූක්ෂ්ම ලෙස ගළවා ඇති බව ද හෙළි වේ.

මෙය, එවකට ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ද සැලකුණු, අවසාන නිසාම් මහරාජා වන මිර් ඔස්මාන් අලි ඛාන් ට අයත් කෑම මංජුසාවකි.

BBC

BBC

එය සොරකම් කරනු ලැබුවේ, මේ වන විට කෞතුකාගාරයක් බවට පත්ව ඇති නිසාම්ගේ රජ මාළිගයේ තිබියදී ය. මෙය නිසාම් කෞතුකාගාරය යනුවෙන් වත්මනෙහි හැඳින්වේ.

මෙම පවුලට අයත් රත්රන් අසිපතක් ද මෙයට වසර 10කට පමණ පෙර වෙනත් කෞතුකාගාරයකදී සොරාගෙන ඇත.

මෙම සොරුන් විසින් රූබි සහ රත්තරන් තේ පෝච්චි කට්ටලයක් ද සොරාගෙන ඇත. කිලෝ 3 ක පමණ බරකින් යුක්ත මෙහි වටිනාකම ඩොලර් මිලියන 7 ක් පමණ වේ.

මිර් ඔස්මාන් අලි ඛාන් ප්‍රාදේශීය ‘මහරාජා‘ වරයෙකු වශයෙන් සිට මරණයට පත්වූයේ 1967 වසරේදී ය. ලෝක ප්‍රකට ජේකබ්ගේ දියමන්තිය මෙම රජුගේ වස්තු සම්භාරය අතර කැපී පෙනුණකි. එය බිත්තරයක් පමණ විශාල ය. අති දුර්ලභ ආභරණ එකතුවක් ද මෙම රජුට අයත් ව තිබිණි.

Getty Images

Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි