×

දීවාලියේ නිවා දැමූ පහන

එවැනි ඉරණම් ඔවුන්ට උරුම වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ වරදින් හෝ ඔවුන්ගේ ඉරණමේ වරදින් යැයි කවුරුන්හෝ කියන්නේනම්.. ඒය නිවැරදි නොවන්නේය.


පසුගිය දින කිහිපය පුරා මුළු මහත් ලෝකයම විමසිල්ලෙන් යමක් දෙස බලා සිටියේය… තත්ත්පරයෙන් තත්පරය ඔහු වෙනුවෙන් මග බලා සිටියේය..

සුජිත් දකුණූ ඉන්දියාවේ තමිල් නාඩුවේ කුඩා ගමක උපන් දෙහැවිරිදි අහිංසකයෙකි.. අම්මාත් තාත්තාත් සොහොයුරාගේත් ඇස් වසා මීට දින තුනකට පෙර තමිල්නාඩුවේ නිතර දැකිය හැකි අත් හැර දැමූ ළිඳකට වැටී සිරවී සිටින පුවත ලෝකය පුරා ඉතා සීග්‍රයෙන් පැතිර ගියේය.

මෙවැනි අත්හැර දැමූ ලිං තමිල්නාඩුවේ මෙන්ම උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ වල දැකිය හැකිවා මෙන්ම මීට පෙරද මෙවැනිම ආකාරයට මෙවැනි ලිං තුලට වැටී ජීවිතයෙන් සමුගත් දරුවන් ගැන මෙන්ම දිවි බේරා ගත් දරුවන් ගැනද තොරතුරු අනාවරණය වෙයි.

සුජිත්ගේ අවාසනාවට ඔහු වැටුණේ ඉතා පටු මෙන්ම ගැඹුරු ළිදකටය. මුලින්ම ඔහු ළිදට වැටී එහි අඩි 30ක පමණ ගැඹූරු තැනක සිරවී සිිටිබව වාර්ථා වුවද පසුව මීටර් 180ක් තරම් ගැඹුරු ළිදේ කවත් පහලට ඔහු වැටුණේ ඔහුව මුදවා ගැනීමට මෙහයුම් සිදු කරන අතරතුරදීමය.

පසුගියදා සඳ තරණය කළ පස් වන රට බවට පත් වූ ඉන්දියාව සුජිත්ව බේරා ගැනීමටද හැකිතාක් උත්සහා කළාදැයි අපි නොදනිමු. එමෙන්ම පසුගිය වසරේ තායිලන්තයේ ගුහාවක සිරවුණ ළමා පාපන්දු කණ්ඩායමක දරුවන් බේරා ගත් සැටි මෙම සිදුවීම අපට මතක් කර දෙන්නේය..

ඊයේ ඉන්දීය රජය නිළ වශයෙන් ප්‍රකාශයට පත්කලේ සුජිත් විල්සන් නැමති මේ කුඩා අසරණයා මිය ගොස් ඇති බවයි.


ඔහු වැටී සිටි ළිං කටින් ඔහුව එළීයට ගැනීමට නොහැකි බව වටහා ගත් මුදවා ගැනීමේ කණ්ඩායම හැකි සෑම උත්සහයකම අවසන තීරණය කලේ ළිදට සමාන්තර තවත් ලිඳක් කැණ දරුවා වෙත ළගා වීමටයි.. නමුත් මුල් අවස්ථාවේ එවැනි සමාන්තර ළදක් කැපීමේ උත්සහය අසාර්ථ වූයේ විශාල පාෂාණයක් පොළෙව යටින් මතුවීම හේතුවෙනි .. එතෙකින් නතර නොවුණ මුදවා ගැනීමේ කණ්ඩායම තවත් සමාන්තර ළිදක් තවත් තැනකින් කණින්නට පටන් ගත්තේ. අත් දෙකද හිසද පමණක් පෙනෙන්නට තිබියදී මුළු සිරුරම ළිඳ දෙසට වැටී තමන් ට සිදුවූයේ කුමක්දැයි වත් නොදන්නා මේ ළදදරුවාට තව තවත් හුස්ම අල්ලා සිටින්න යැයි ඉල්ලමිනි.

ඉන්දියාවම දිපවාලී උත්සවය සමරමින් සිටියදී සුජිත් ට අත් වුණ ඉරණමෙන් ඔහුව ගලවා ගන්න යැයි ලෝකයම දෙවියන්ගෙන් ඉල්ලා සිටියහ. ඉඳ හිට ඇද හැලුණ වර්ෂාවද , ඔහුව බේරා ගැනීමට රැගෙන ආ යන්ත්‍රව හිටි හැටියේ අක්‍රීය වීමද සුජිත්ව බේරා ගැනීමේ මෙහෙයුමට බාධා කලේය. එසේ වුවද ඔහුව බේරා ගැනීමේ මෙහෙයුම ඉතා වේගයෙන් සිදු කිරීමේ අවශ්‍යතාව දැඩිව පැන නැගුණේ. දින තුනක් තිස්සේ ආහාරයක් නොමැතිව සීතලේ යහපත් වාතාශ්‍රයක් නොමැතිව සිටි සුජිත්ට වැඩි පුර ගතවන විනාඩියත් ඉතා වටිනා වූ එකක් වූ බැවිනි.

ඊයේ දහවල් වන විටත් ඉන්දීය මාධ්‍ය වාර්ථා කළ පරිදි අඩි 88ක සිරව සිටි සුජිත් බේරා ගැනීමට කණින ලද සමාන්තර ලිඳෙහි කැණීම් සිදු කර ගත හැකිවී තිබුණේ අඩි 38ක් පමණි. කැණීම් සිදු කළ පසු ඔහුව බේරා ගැනීඹට සත් දෙනෙකුගේ කණ්ඩායමක් යැවීමට නියමිතව සිටියහ. නමුත් ඔවුන්ට සුජිත් වෙනුවෙන් එහි යා නොහැකි වූයේ ඊට පෙර සුජිත් සිය දෙනෙත් පියා ගැනීමට තීරණය කිරීම හෙතුවෙනි.

තාක්ෂණයෙන් ද මානව සම්පතින්ද ලෝකයේ ඉදිරියේම සිටින රටක අහිංසක දරුවෙකු ළිදක් තුළ සිරවී දහසක් ඇස් ඉදිරියේ මිය ගිය බව සුජිත් ලෝකය ඉදිරියේ දෑස් පියාගෙනම හඩගා කීයේය.

Image result for sujith


බොන්නට දිය බිදක් නොමැතිව අඩි සිය ගණනක් යටට ළිං කැණ ජලය සෙවූ සුජිත්ගේ මවුපියන්ද අසල් වැසියන්ද සිය දරුවන් ඒවා තුළ අවසන් සුසුම් හෙළනු ඇති බව කිසිසේත් නොසිතන්නට ඇත. පංතිබේදයද , කුළ බේදයද, ඇති හැකි බේදයද ඇති රටක උපන් ඒ අහිංසකයින් ට උරුම වූ ඉරණම විවිධ ස්වරූපයෙන් උරුම වන දරුවන් අපේ රටේද නැත්තේ නොවේ. පසුගියදා ලංකාවේ දරුවෙක් කුස ගින්නේ මිය ගියේය.. ගෙවුණ අප්‍රේල් මස බෝම්බ ප්‍රහාරයට හසුව නිවී ගිය ළමා ජීවිතද අපමණය. දරුණූ සිත් ඇති නරුමයින් විසින් විනාශ කළ සේයා වැන්නියන්ද ඒ අතර සිටින්නෝය.

එවැනි ඉරණම් ඔවුන්ට උරුම වන්නේ ඔවුන්ගේ දෙමාපියන්ගේ වරදින් හෝ ඔවුන්ගේ ඉරණමේ වරදින් යැයි කවුරුන්හෝ කියන්නේනම්.. ඒය නිවැරදි නොවන්නේය. එකී වරදෙහි බර අප සියල්න්ගේම කර මත අඩු වැඩි වශයෙන් පැටවෙන්නේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි