×

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බ්‍රිතාන්‍ය යුගයේ පැවති මුස්ලිම් විවාහ සහ දික්කසාද නිතිය අවලංගු කරයි

මේ සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාවේ නියෝජිතයින් පැවසුවේ මර්දනය බොහෝ දුරට ඔවුන්ට වෙනස් කොට සැලකීම සඳහා යොදාගෙන ඇති බවයි.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ බ්‍රිතාන්‍ය යුගයේ පැවති මුස්ලිම් විවාහ සහ දික්කසාද නිතිය අවලංගු කර ඇති බව වාර්තා වේ.

මෙය සුළුතර ප්‍රජාව අතර කෝපයට හේතු වී ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තයේ බලධාරීන් මෙම නීතිය යල් පැන ගිය එකක් ලෙස හඳුන්වා එය ළමා විවාහවලට ඉඩ දෙන බවට චෝදනා කර ඇත.

2026 වන විට ළමා විවාහ සම්පුර්ණයෙන්ම නවතා දැමීමේ අරමුණෙන් ප්‍රාන්ත ආණ්ඩුව විසින් ලිංගික අපරාධ වලින් ළමුන් ආරක්ෂා කිරීමේ (POCSO) පනත යටතේ දස දහස් ගණනක් දෙනා අත්අඩංගුවට ගැනුණු මුත් ප්‍රාන්තයේ මුස්ලිම් ප්‍රජාවේ නියෝජිතයින් පැවසුවේ මර්දනය බොහෝ දුරට ඔවුන්ට වෙනස් කොට සැලකීම සඳහා යොදාගෙන ඇති බවයි.

මෙය මුස්ලිම් විපක්ෂ නායකයින් මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂයද දැඩි ලෙස විවේචනය කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ මුස්ලිම්වරු කුපිත කර මැතිවරණ සමයේ අනවශ්‍ය ගැටුමක් නිර්මාණය කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි