×

ඉන්දුනීසියාවත් කොවිඩ් එන්නත්කරණය අරඹයි

ඉන්දුනීසියාවත් අද (13) කොවිඩ් 19 වෛරසයට එරෙහි එන්නත්කරණය අරඹා තිබේ. 


එහි පළමු එන්නත එරට ජනාධිපති ජෝකෝ විඩෝඩො ලබා ගෙන ඇති බවයි එරට පුවත් වාර්තා සඳහන් කරන්නේ.

මෙම එන්නත්කරණය ආරම්භ කරමින් ජනාධිපතිවරයා පවසා තිබෙන්නේ ජනවාරි මාසය තුළ මිලියන 5.8කට එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙන බවයි.

චීන ඖෂධ සමාගමක් වන සිනොවැක් වෙතින් මෙම එන්නත ඉන්දුනීසියාව වෙත ලබා දී  ඇති අතර එය මාත්‍රා මිලියන 03ක් බව සඳහන්.

තවත් මාත්‍රා මිලියන 100ක් ලබා ගැනීමට ඇස්ට්‍රාසෙනෙකා සහ නොවාවැක්ස් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවද වාර්තා කර තිබේ.

චීනයේ සිනොවැක් බයෝටෙක් එන්නත හදිසි භාවිතය සඳහා එරට ආහාර  හා ඖෂධ නියාමකයින් අවසර ලබා දී තිබුණේ පසුගිය සඳුදා දිනය.

ඉන්දුනීසියාව ලොව වැඩිම ජනගහනයක් නියෝජනය කරන සිව්වන රට ලෙස සැලකෙන අතර අග්නිදිග ආසියාවේ වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබෙන්නේද ඉන්දුනීසියාවේය.

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාල වාර්තා පෙන්වාදෙන්නේ  අවම වශයෙන් 846,765ක් පමණ කොවිඩ් 19 ආසාදිතයින් ලෙස වාර්තා වී තිබෙන බවත් මරණ 24,645ක් සිදුව ඇති බවත්ය.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි