×

ඉන්දුනීසියාව ගෝලීය ගිවිසුම විවේචනය කරයි

2001 දී ඉන්දුනීසියාවේ ප්‍රාථමික වනාන්තර හෙක්ටයාර් මිලියන 94 කට ආසන්න ප්‍රමාණයක් පැවති අතර, එය නිවර්තන වනාන්තර ලෙස හඳුනාගෙන තිබිණි.


ඉන්දුනීසියාව 2030 වන විට වන විනාශය අවසන් කිරීම සඳහා වන ගෝලීය ගිවිසුමේ කොන්දේසි විවේචනය කර ඇති අතර, සිය රටට ඊට අවනත නොවිය හැකි බවට ඔවුන් සඳහන් කරයි.

එරට පරිසර අමාත්‍ය Siti Nurbaya Bakar මහත්මිය පැවසුවේ බලධාරීන්ට “අපට කළ නොහැකි දේ පොරොන්දු විය නොහැකි” බවයි.2030 වන විට වන විනාශය ශුන්‍ය කිරීමට ඉන්දුනීසියාවට බල කිරීම අසාධාරණ බවත් අමාත්‍යවරිය පැවසුවාය.සිය රටේ ජනාධිපති ජෝකෝ විඩෝඩෝ වනාන්තර ගිවිසුමට අත්සන් තැබුවද, ඉන්දුනීසියාවේ ප්‍රමුඛතාවය සංවර්ධනය බව ඇය පැවසුවාය.ලෝක නායකයින් 100 කට වැඩි පිරිසක් එකඟ වූ මෙම එකඟතාවය, පසුගිය සඳුදා Glasgow හි COP26 දේශගුණ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලදී.

ෆේස්බුක් සටහනක් තබමින් අමාත්‍යවරිය සඳහන් කළේ සිය රටේ අතිවිශාල ස්වභාවික සම්පත් එහි ජනතාවගේ යහපත සඳහා භාවිතා කළ යුතු බවයි.එසේම නව මාර්ග ඇති කිරීම සඳහා වනාන්තර කපා හැරීමේ අවශ්‍යතාවය ඇය සඳහන් කර තිබේ.ඉන්දුනීසියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මහේන්ද්‍ර සිරේගාර් පැවසුවේ මෙම එකඟතාවය ප්‍රතිඵල රහිත නොමඟ යවන සුලු තත්වයක් බවයි.

මෑත වසරවල ලොව වන විනාශයේ කැපී පෙනෙන අඩුවීමක් තිබියදීත්, ඉන්දුනීසියාවේ විශාල වනාන්තර තවමත් සිමා කාරී වෙමින් පවති. Global Forest Watch වෙබ් අඩවියට අනුව, 2001 දී ඉන්දුනීසියාවේ ප්‍රාථමික වනාන්තර හෙක්ටයාර් මිලියන 94 කට ආසන්න ප්‍රමාණයක් පැවති අතර, එය නිවර්තන වනාන්තර ලෙස හඳුනාගෙන තිබිණි.නමුත් ඒවා මෑත ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර ඇති අතර, නැවත වර්ධනය වී නොමැත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි