×

හඳුන්කූරට වියත් නාමයක් නෑ. ඒත් වියට්නාමයක් තියෙනව

ඒ ටෙක්නිකල් ප්‍රෝසෙස් එක බලං ඉන්නත් ලස්සන වැඩක්.


ඉර සේවෙටත් කලින් හයර් එකක් දුවන ත්‍රීවිල් එහෙක හඳුන් කූරක් වරදින්නෑ. පල්ලියක පන්සල කෝවිලක දෙවිවරු බුදුවරු සාන්තුවරුන්ටත් වඩා මල්වලින් පස්සෙ වැඩියෙන්ම තියෙන දෙයක් තමා හඳුන් කූර. එනි වේ , සුබයි කියල හිතන දේකට පාවිච්චි කරන දෙයක් තමා හඳුන් කූර. එහෙම බැලුවම තිස්තුන් කෝටියක දෙයියන්ගෙ පර්ෆියුම් එක තමා හඳුන් කූර. එනි හව් මේවා හදන්නෙ මිනිස්සු. ඒ කොහොමද කියන එක baltimora කියනවා. හැබැයි මේ මිනිස්සු කවුද කියල මුලිම්ම කියන්නොනෙ.

හඳුන් කූරක් පත්තු කරන ඕනම රටක් ඇතුළෙ හඳුන්කූරු බිස්නස් එකක් තියෙන්න පුළුවන් . ඒක අමුතු නෑ. හැබැයි රටක් ගොඩදාන්න තරං හඳුන් කූරූ ප්‍රඩක්ට් එක මැක්සා වෙනවා නං අන්න එතන ගෝල්ඩන් ස්ටෝරියක් තියෙනවා බ්‍රෝ. වියට්නාමය එහෙම කන්ට්‍රි එකක්. වියට්නාම් කිව්ව ගමන් අපි දන්නෙ ඇමරිකන්-වියට්නාම් යුද්ධෙනෙ. බට් ඊට වඩා ලස්සන කෑල්ලක් වියට්නාමයේ නාමෙන් අපිට මතක්කරන්න පුළුවන් . ඒ තමන් ‘හඳුන් කූරේ කතාව’. නොදන්න සිංහලෙන් කිව්වොත් ‘ ද ස්ටෝරි ඔෆ් ද ඉන්සෙන්ස් ස්ටික්ස්’.

කුහන් – පෞ – කූ . වියට්නාමෙ ගමක්. මේක ෆේමස් වෙන්නෙ ‘සුවඳ දුම් ගම්මානය’ කියල. ඒ තරමට හඳුන් කූරු සුවඳින් පිරිච්ච ගමක් ඒක. සියවසක කාලයක ඉඳන් මේ ගම මේ වැඩේට එක්ස්පර්ට්. පරම්පරා ගානක එක්පර්ටීස්ලා මෙහෙ ඉන්නවා. අලුත් පරම්පරාවත් ලොකුවට නැතත් ටික ටික හරි මේ වැඩේ එක්ක ඉන්නවා. මොකද මහා පරිමාණ බිස්නස් එකක් මේක. බල්ක් ගණන් එක්ස්පෝර් කරලා රටට ආදායම ගේන එක පාත් එකක් හඳුන් කූරු බිස්නස් එක. මේවා ටිකක් එක්ස්පෙන්සිව්. ඒකට හේතුව හදන්න ගන්න ඉන්ග්‍රීඩියන්ස්වල කොලිටි එක සහ පිළිවෙළ.

උණ ගස් හීනියට ඉරලා කූර හදාගන්නවා. 2mm වෙන තරමටම හීං කරනවා. හයිට් එක 20-40cm වගේ වෙනවා. ඒක කරන්නෙ මැශින්ස්වලින්. ඊට පස්සෙ ඒව කලර් කර ගන්නවා. ඕන කරන පාට එනකම්ම  දෙතුන්පාර මේ කලරින් එක දාගන්න ඕනෙ. එක පාරක් කලර් කරලා වේලනවා. ඊට පස්සෙ ආයෙ කලර් අප් කරනවා. කලරින් බැරල් එහෙක ගිල්ලලා තමා මේ වැඩේ කරගන්නෙ. 2mm මිටි එකට බැඳලා පොකුරු පොකුරු එකට අරගෙන මේ බැරල් එකේ ඔබලා ගන්නවා. මුළු ස්ටික් එකම කලර් කෙරෙන්නෙ නෑ. මේවා දවස් 4ක් 5ක් වේලගන්නවා.

ඊළඟ ස්ටෙප් එක තමා කූරෙ සුවඳ ටික තවර ගන්න එක. අපි දන්නවා එක එක ෆ්‍රෙග්‍රන්ස් තියෙනවා කෘත්‍රීමව. ඒ සුවඳ අදාළ ප්‍රඩක්ට් එකට කවන්න පුළුවන්. එහෙම තමා ජැස්මින්, සිනමන් ගගා අරවා මේවා සුවඳ වෙන්නෙ. හඳුන්කූරු උනත් එහෙමයි.

A worker is drying incense sticks – a traditional incense of Vietnam – Cau Bau market, Thanh Oai, Ha Noi, North Vietnam

හැබැයි වියට්නාමෙ අය තමන්ගෙ ප්‍රඩක්ට් එකට යූස් කරන්නෙ නැචුරල් ෆ්‍රෙග්‍රන්ස්. ‘දෙවියන්ගේ අරටුව’ කියල නම් වෙච්ච වුඩ් එකක් තියෙනවා . ඒක පට්ට ගණන්. ‘අග්‍රාවුඩ්’කියන්නෙ ඒකට. මේකෙ අරටුව අරගෙන කෑලි කරලා ඩස්ට් එකක් තරං වෙන්න  හදා ගන්නවා. ඒ පේස්ට් එක ගානට  හඳුන් කූරට සෙට් කර ගන්න ඕනෙ. ඒක සොබාවිකවම සුවඳ අරටුවක්. මේ පේස්‍ට් එක වයර් එකක් වගේ හැදෙනවා. ඒ ටෙක්නිකල් ප්‍රෝසෙස් එක බලං ඉන්නත් ලස්සන වැඩක්.

මේකෙ ඩිලයිටඩ්ම කෑල්ල තියෙන්නෙ කූරු ටික කලර් කරලා වේලගන්න පාට් එකේ. එකම පාට මිටි සිය ගානක් එළිමහනක ස්ප්‍රෙඩ් කරලා තියෙද්දි පේන අවුට්ලුක් එක ටිකක් ඉමැජින් කරන්න. පාට පාට මුහුදක් වගේ කියල තමා කට්ටිය කියන්නෙ. වියට්නාමෙ අයිඩින්ටිටි එක හඳුන්කූරක් අස්සෙන් පේනවා.

BALTIMORA



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි