×

මත්ද්‍රව්‍ය අවභාවිතය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි!

මත්ද්‍රව්‍ය අවභාවිතය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි.


මත්ද්‍රව්‍ය අවභාවිතය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සංවිධානය කළ මෙම ජාත්‍යන්තර දිනය 1989 ජූනි මස 26 වන දින පටන් සෑම වසරකම ජූනි මස 26 වන දින සමරනු ලබයි.

1987 වර්ෂයේ දෙසැම්බර් මස 7 වන දින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අංක 42/112 දරණ මහසමුළු යෝජනාවෙන් සම්මත වූ පරිදි මත්ද්‍රව්‍ය අවභාවිතා කිරීම හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනයක් ලෙස මෙම දිනය නම් කෙරෙන ලදී. එමගින් මත්ද්‍රව්‍ය අවභාවිතයෙන් හා ජාවාරමින් තොර සමාජයක් ලොව තුළ ඇතිකිරීමට සියළු පද්ධතීන් ශක්තිමත් කිරීම ඔවුන්ගේ අරමුණ විය.

මත්ද්‍රව්‍ය අවභාවිතා කිරීමේ හා මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් ඇති විය හැකි ආදීනව පිළිබඳ අවබෝධය හා අවදානය ඇතිකරලීමට ලොව නන්දෙස ස්වාධීන ක්‍රියාකාරීන්, ප්‍රජා හා ප්‍රජා මූලික සංවිධාන ගෝලීය වශයෙන් මෙම දිනය සමරනු ලබයි.  

1987 වර්ෂයේ ජූනි 17 – 26 දක්වා දිනයන් හීදී වියනා වල පැවති මත්ද්‍රව්‍ය අවභාවිතය හා ජාවාරම් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී මත්ද්‍රව්‍ය නිවාරණ පාලනයේ අනාගත ක්‍රියාකාරකම් පිළිබඳ පරිපූර්ණ බහුවිධ දළ සටහන (Comprehensive Multidisciplinary Outline of Future Activities in Drug Abuse Control), හා මත්ද්‍රව්‍ය අවභාවිතය හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ ජාත්‍යන්තර සමුළු ප්‍රකාශනය (Declaration of the International Conference on Drug Abuse and Illicit Trafficking) නමින් වැදගත් සටහන් දෙකක් ප්‍රකාශයට පත් කරන ලදී. එම සමුළුවේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හා මත්ද්‍රව්‍ය අවභාවිතා කිරීම පිළිබඳ සමාජය තුළ ඇති අවබෝධය ඉහල නැංවීමට ජාත්‍යන්තර දිනයක් සැමරීමේ අවශ්‍යතාව මතුකරන ලදී.

ඉදිරිපත් වූ මුල් යෝජනා වලදී ජූනි මස 17 හා 26 යන දෙදිනම මේ සඳහා යෝජනා වූ අතර, අවසන් කෙටුම්පත සකස් කිරීමේදී ජූනි මස 26 වන දින වඩා යෝග්‍ය යැයි සම්මත විය.  

මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාර බොහෝවිට මෙම දිනය හඳුන්වනු ලබන්නේ සික්ස්-ට්වෙන්ටිසික්ස් (6/26) යනුවෙනි.

වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 322 වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය ලොව පුරා නීතිවිරෝධී අන්දමින් පරිවහනය වන බව 2007 එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2007 වර්ෂයේ ලෝක මත්ද්‍රව්‍ය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ලොව පුරා බොහෝ උද්ඝෝෂන, රැළි, පෙළපාළි, පෝස්ටර් ව්‍යාපාර ආදී බොහෝ වැඩසටහන් මෙම දිනය උදෙසා පවත්වනු ලැබේ. මිනිසුන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ ප්‍රවණතාවක් පෙන්වන බැවින් ජාත්‍යන්තර දිනයක් ලෙස සමරමින් මේ පිළිබඳ දැනුවත් කිරීම ඉතා වැදගත් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි