×

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය අදයි!

අද (දෙසැම්බර් 10) ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි.


අද (දෙසැම්බර් 10) ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. සෑම වර්ෂයකම දෙසැම්බර් 10 වන දින ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරනු ලැබේ. මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය, නැතහොත් Universal Declaration of Human Rights (UDHR), 1948 වර්ෂයේ දෙසැම්බර් මස 10 වන දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය විසින් ප්‍රකාශයට පත්කිරීමට සමගාමීව ගරු කිරීමක් වශයෙන් මෙම දිනය ලොව පුරා සමරනු ලබයි. මානව හිමිකම් පිළිබඳ විශ්වීය ප්‍රකාශනය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අත්පත් කරගත් ප්‍රධාන ජයග්‍රහණයන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා බව කියවේ.

එලෙස ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නම් කිරීමෙන් අනතුරුව 1950 වර්ෂයේ දෙසැම්බර් මස 04 වන දින දී එක්සත් ජාතීන්ගේ 317 වන මහා මණ්ඩල රැස්වීමේදී එය විධිමත් ලෙස ස්ථාපිත කිරීමක් සිදුවන ලදී. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423 (V) යෝජනාවට ප්‍රකාරව සියළු සාමාජික රටවල් හා සංවිධාන විසින් ජාත්‍යන්තර දිනයක් ලෙස අනුමත කරන ලදී.

ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව ලොව පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ. මානව අයිතිවාසිකම් හා මූලික අයිතිවාසිකම් හඳුන්වා දෙමින් දේශපාලන, සංස්කෘතික හා මානව හිමිකම් රාමුවක් තුළ පුද්ගලයින්ගේ අයිතීන් සුරැකෙන්නේ කෙසේද හා ඒවා උල්ලංඝනය වන්නේ කෙසේද යන්න පහදා දීම මෙම වැඩසටහන් වල අරමුණ වී තිබේ.

මීට අමතරව, පස්-අවුරුදු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ ත්‍යාගය හා නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ දෙසැම්බර් 10 වන දින වීමද විශේෂත්වයකි. මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් ක්‍රියාකාරීන් විසින් මෙම දිනය ලොව පුරා සැමරීම සිදුවෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි