×

ඉන්ටර්පෝල් ලොක්කාත් අතුරුදහන්!

අන්තර්ජාතික පොලිස් ඒජන්සිය හෙවත් ඉන්ටර්පෝල් නැමැති ලෝක ප්‍රකට ආයතනයේ ප්‍රධානී මෙන්ග් හොංග්වෙයි (Meng Hongwei) අතුරුදහන්ව ඇතැයි කියා වාර්තා වේ.


මෙන්ග් හොංග්වෙයි චීන ජාතිකයෙකි. මෙන්ග්ගේ අතුරුදහන් වීම දැනුම් දෙන්නේ ඔහුගේ බිරිය සහ පවුලේ සාමාජිකයන්ය. ඔවුන් පවසන අන්දමට මෙන්ග් අතුරුදහන් වී දැනට දින දහයක් පමණ ගතව ඇත. ඉන්ටර්පෝල් ප්‍රධාන කාර්යාලය පිහිටි ප්‍රංශයේ ලියොන් නගරයේ සිට චීනයට ගමන් කරමින් සිටියදී ඔහු අතුරුදහන්ව තිබේ.

හැට හතර හැවිරිදි මෙන්ග් චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම, ප්‍රංශ පුවත් සේවයට පවසා තිබුණේ මෙන්ග්ගේ අතුරුදහන් වීම සිදුව තිබෙන්නේ ප්‍රංශයේදී නොවන බවකි.

ඉන්ටර්පෝල් ආයතනය නිකුත් කළ ප්‍රකාශයක් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කියා සිටින්නේ මෙන්ග් හොංග්වෙයිගේ අතුරුදහන් වීම ඉන්ටර්පෝල් ආයතනය වෙත දැනුම් දී ඇති බවකි. එය චීන සහ ප්‍රංශ දෙරටේම බලධාරීන්ට අදාල ගැටළුවක් බැව් ප්‍රකාශයේ සඳහන්ව තිබී ඇත.

සාමාජික රාජ්‍යය 192කින් සමන්විත ඉන්ටර්පෝල් ආයතනයේ සභාපති ධුරයට මෙන්ග් හොංග්වෙයි ඡන්දයෙන් තේරී පත්වුණේ 2016 වසරේ නොවැම්බර් 10වැනිදාය. ඉන්ටර්පෝල් ආයතනයේ විධායක කමිටුවට නායකත්වය දීම මෙන්ග්ගේ රාජකාරියේ කොටසකි. ඔහුගේ ධුර කාලය අවසන් වන්නේ 2020 වසරෙන් බව සඳහන් වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි