×

ඉරානයේ ජන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත ලෙස පහත වැටේ

ඉරාන වැසියන් නිවසේ සිට පාලනය ප්‍රතික්ෂේප කර තිබිණි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ(01)දිනයේදී ඉරානයේ ආසන 290 කින් යුත් ව්‍යවස්ථාදායකය සහ බලගතු විශේෂඥ මණ්ඩලයේ සාමාජිකයින් 88ක් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් රටපුරා ඡන්දය ප්‍රකාශ කිරීම වාර්තාගත ලෙස පහත වැටි ඇති බව වාර්තා වේ.

එනම් ගතවූ පැය 24 තුළ 40.6% ක් තරම් අඩු ප්‍රතිශතයකින් ජන්දය ප්‍රකාශ කර තිබු අතර සහභාගී වූ මුළු සංඛ්‍යාව 24,861,542කි.

ටෙහෙරාන් පළාතේ පමණක් මිලියන 10 ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුනද ඡන්දය ප්‍රකාශ කිරීම අඩුම අගයක් වාර්තා වුයේ ටෙහෙරනයෙනි. මෙහිදී බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ, ඉස්ලාමීය ජනරජයට එරෙහි විරෝධය හෝ නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොමැතිකම හේතුවෙන් තමන් ඡන්දය ප්‍රකාශ නොකරන බවයි.

ජීවන තත්වයන්, පරිසරය සහ පුද්ගලික නිදහස ලබා දීමට අපොහොසත් වූ පාලන තන්ත්‍රයකට නීත්‍යානුකූල භාවය ලබා නොදිය යුතු බව ඉරාන වැසියන් තරයේ විශවාස කළ අතර ඔවුන් නිවසේ සිට පාලනය ප්‍රතික්ෂේප කර තිබිණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි