×

ඇමරිකානු කෙණහිලිකම් වලට හොඳම නිදසුන නව සම්බාධක – ඉරානයෙන් චෝදනා!

මෙකී රාජ්‍ය තාන්ත්‍රික අමනාපය දිවයන්නේ සතලිස් වසරක අතීතයකට ය.


ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට සමීප පුද්ගලයින් 9 දෙනෙකුට එරෙහි සම්බාධක පැනවීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කර තිබීම එරට ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් දරණ කෙනහිලිකාරී ප්‍රතිපත්තියේ සංඥාවක් බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක අබාස් මුසාවි පැවසීය. 

මෙසේ ඉරාන නායක අලි කමේනිගේ එක් පුතෙකු, මාණ්ඩලික ප්‍රධානී හා අධිකරණ කටයුතු ප්‍රධානී ඇතුළු පුද්ගලයින් 9 දෙනෙකුට එරෙහි නව සම්බාධක පනවා තිබීම තුළ ඇමරිකාවේ නොහැකියාව හා අසරණභාවය පිළිඹිමු කරන බවට පෙන්වා දෙන ඒ මහතා මෙසේ ද ප්‍රකාශ කර සිටියේය.

“ගෝලීය හා ජාත්‍යන්තර වශයෙන් වැදගත් ගැටළු ආමන්ත්‍රණය කිරීමේදී රාජ්‍ය තාන්ත්‍රික හා තාර්කික ප්‍රවේශයක් තුළ ප්‍රතිලාභ ලබා ගනිමින් ඇමරිකා එක්සත් ජනපදය මෙසේ හැසිරීම සිය පාලන තන්ත්‍රය තුළ වෙනත් රටවල් ඉදිරියේ දක්වන කෙණහිලිකාර ප්‍රතිපත්තිය ද සිය මංමුලාභාවය හා නොහැකියාව ද නිරූපණය කරයි.”

ඇමරිකාව විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ගේ අභ්‍යන්තර කවය වෙත මෙසේ සම්බාධක පැනවූ බව ඉරාන අයිආර්එන්ඒ පුවත් සේවය වාර්තා කර තිබුණේ ඊයේ (04) දිනයේ ය. මේ පිළිබඳ එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඊයේ දින නිවේදනයක් නිකුත් කළ අතර, ඒ ටෙහෙරානයේ වොෂිංටන් තානාපති කාර්යාලය අත්පත් කර ගෙන 40 වන සංවත්සරය පිරීමට සමගාමීව ය. එමෙන්ම, ඇමරිකාව මෙකී සම්බාධක පැනවීම සම්බන්ධ තීරණය ගෙන තිබෙන්නේ 2015 පිවිසි බිඳවැටෙමින් තිබූ න්‍යෂ්ටික ගිවිසුමෙන් පසුගිය වසරේදී වොෂිංටනය ඉවත් වීමත් සමඟ ඉරානය ද පියවරක් පසුපසට ගන්නේ යැයි ප්‍රකාශ කර තිබීම නිසාය.

ටෙහෙරානය සහ වොෂිංටනය අතර අමනාපය දිව යන්නේ 1979 වර්ෂයේ නොවැම්බර් 04 වන දිනටය. එනම් අදට සතලිස් වසරකට පෙරාතුවය. එතැන් සිට 1981 වර්ෂයේ ජනවාරි 20 වන දින දක්වා දින 444 ක් මුළුල්ලේ ඇමරිකානු ජාතිකයින් 52 දෙනෙකු එරට තානාපති කාර්යාලයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටීම නිමිත්තෙන් මෙම ගැටුම්කාරී තත්ත්වය උද්ගතව තිබේ. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය වසරේදී 2015 වර්ෂයේදී පිවිසි ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් එක්සත් ජනපදය ඒකපාර්ශවිකව ඉවත් කර ගනිමින් ඉරානයේ තෙල් අපනයනය යටපත් කිරීම සහ එරට ආර්ථිකය හුදකලා කිරීම සඳහා නව සම්බාධක යලි ස්ථාපිත කිරීමත් සමඟ මෙකී ගැටුම යලි උත්සන්න විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි