×

බ්‍රිතාන්‍යට අයත් ඉන්ධන නෞකාවක් ග්‍රහණයට ඉරානය උත්සහා කරයි

ඉරාන විදේශ අමාත්‍යවරයා මේ පිළිබද ප්‍රකාශ කරන්නේ මෙවැනි චෝදනා මගින් බ්‍රිතාන්‍ය විසින් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහා දරන බවයි.


බ්‍රිතාන්‍ය තෙල් නෞකාවක් ගල්ෆ් සීමාවේදී ග්‍රහණයට ගැනීමට ඉරානය විසින් කටයුතු කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ අනාවරණය කරයි.

ඉරානයට අයත් බෝට්ටු ත්‍රනක් විසින් බ්‍රිටිස් හෙරිටේජ් නැමති නෞකාවට මෙසේ බාධා කර ඇත.
බ්‍රිතාන්‍ය සදහන් කරන්නේ මෙය ඉරානය අන්තර් ජාතික නීති උල්ලංඝනය කර ඇති බවයි.
මෙම බොට්ටු ඉරාන ඉස්ලාම් විපලවීය ආරක්ෂක අංශය ට අයත් බවට තොරතුරු අනාවරණය වී ඇත. Iran’s Islamic Revolution Guard Corps (IRGC).

ඉරාන විදේශ අමාත්‍යවරයා මේ පිළිබද ප්‍රකාශ කරන්නේ මෙවැනි චෝදනාවක් කිරීමෙන් බ්‍රිතාන්‍ය විසින් අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සහා දරන බවයි. පසුගිය ජූනි මස බ්‍රිතාන්‍ය තෙල් නෞකා දෙකකට ඕමාන් බොක්කේදී එල්ල කළ ප්‍රහාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය චෝදනා කලේ ඉරානයටයි. එය බ්‍රිතාන්‍ය හා ඉරානය අතර විරසකය වර්ධනයට හේතු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි