×

තවත් හුදෙකලා ඇමසන් ගෝත්‍රයක් හමු වේ

බ්‍රසීලයේ ඇමසන් වනයේ ජීවත් වන තවත් හුදෙකලා ගෝත්‍රයක් ඩ්‍රෝන කැමරාවකට හසුව ඇත.

ඒ අනුව ඇමසන් ගෝත්‍රිකයන් 16 දෙනෙක් මෙන්ම ඔවුන් විසින් වගා කටයුතු සඳහා එළි පෙහෙළි කළ භූමියක් ද හමු වී තිබේ.

එම ගෝත්‍රිකයන් දුණු හී සහ කෙටේරි භාවිතා කරනවුන් ය.

Drone images from Brazil’s agency for indigenous affairs, Funai, show a rare glimpse of an isolated tribe in Brazil’s Amazon | 9news

Drone images from Brazil’s agency for indigenous affairs, Funai, show a rare glimpse of an isolated tribe in Brazil’s Amazon | 9news

බ්‍රසීලයේ ස්වදේශික කටයුතු භාර ෆුනායි ආයතනය විසින් මෙම ඩ්‍රෝන කැමරා පටිගත කිරීම් සිදුකර තිබෙන්නේ ඇමසන් වනයේ ජීවත් වන හුදෙකලා ගෝත්‍රික සොයායාමේ ව්‍යාපෘතියක් සඳහා පසුගිය වසරේදී ය. නමුත් අධ්‍යයනයේ තොරතුරු සුරක්ෂිත කිරීම සඳහා ඔවුන් මෙම ඡායාරූප පසුගිය සතිය වන තෙක්ම මාධ්‍ය වෙත මුදා හැරීමෙන් වැළකී සිටියහ.

ඇමසන් ඝන වනයේ නිරිත දිග කොටසේ Vale do Javari නම් ප්‍රදේශයෙන් මෙම ගෝත්‍රිකයන් පිළිබඳ සලකුණු සොයාගෙන තිබේ. මෙම ප්‍රදේශය බ්‍රසීලයට අයත් ඇමසන් වනයේ හුදෙකලා ගෝත්‍රික වැඩිම ප්‍රමාණයක් සොයා ගැනෙන ප්‍රදේශයයි. එහි දළ වශයෙන් ගෝත්‍රික කණ්ඩායම් 11 ක් ජීවත් වන බව සැලකේ.

ෆුනායි ප්‍රධානියා පවසන්නේ ඇමසන් ඝන වනයේ සිටින හුදෙකලා ගෝත්‍ර සුරක්ෂිත කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමට සහ පෙළඹවීමක් ඇති කිරීමට මෙම ඡායාරූප යොදාගන්නා බව ය. මේ වන විට ඔවුන්ගේ ජනාවාස අවට නගර සහ ගොවිපොළවල් සීඝ්‍රයෙන් බිහිවෙමින් පැවතියද, ඔවුන් නිතරම හුදෙකලා වනගත දිවියම තෝරාගන්නේ බාහිර ලෝකයෙන් ලබන අමිහිරි අත්දැකීම්වලින් වැළකී සිටීමේ අරමුණිනි. බොහෝ විට බාහිර ලෝකය සමග මෙම ගෝත්‍රයන් සම්බන්ධ වීම අවසන් වන්නේ සමූල ඝාතන හෝ ගෝත්‍රයම අතුගා දමන වසංගත රෝග තත්වවලට ගොදුරු වීමෙනි.

This 2017 photo released by the National Indian Foundation (FUNAI) shows an axe on the ground in Vale do Javari, Amazonas state, Brazil. An agency official told The Associated Press that they had monitored this tribe in the jungle for years but had never caught it on camera. (AP/AAP)

පසුගිය වසරේ ද, නීතිවිරෝධී රන් ආකර කනින්නන්ගේ කණ්ඩායමකට මෙවැනි හුදෙකලා ඇමසන් ගෝත්‍රයක් හමු වී තිබූ අතර, එහිදී සිදුවී තිබුණේ ආකර කනින්නන් විසින් එම ගෝත්‍රයේ සාමාජිකයන් 10 දෙනෙක් ඝාතනය කිරීමයි.

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි