×

ඇමරිකාවේ ‘මරාගෙන මැරුණු‘ වීඩියෝ ගේම් තරගාවලිය

ඇමරිකාවේ ෆ්ලොරිඩා - ජැක්සන්විල් හි පැවැත්වුණු පාපන්දු වීඩියෝ ගේම් තරගාවලියක් අවසන් වූයේ තුවක්කුකරුවෙකු විසින් එක් අයෙකුට වෙඩි තබා, තමන්ට ද වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමෙනි.


වෙඩි තැබීම්වලින් 9 දෙනෙක් තුවාළ ලබා ඇති අතර, එම ස්ථානයෙන් පළා යාමට උත්සාහ ගැනීමේදී හටගත් තත්වයන් හේතුවෙන් ද තවත් දෙදෙනෙක් තුවාළ ලබා ඇත.

මිය ගිය සහ තුවාළ ලැබූ සියලු දෙනාම වයස අවුරුදු 20-35 ත් අතර පසුවූවන් ය. තිදෙනෙකුට පමණ කිහිප වතාවක් වෙඩි තබා ඇති බව ද වාර්තා වේ. වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවිවලට එහි සජීවී දර්ශන එක් කිරීමට ද එම ස්ථානයේ සිටි ඇතැමුන් කටයුතු කර තිබිණි.

මෙම වීඩියෝ ගේම් තරගාවලිය පැවැත්වුණේ ජැක්සන්විල් හි සාප්පු සංකීර්ණයක ය.

තුවක්කුකරුවා 24 හැවිරිදි ඩේවිඩ් කාට්ස් නමැති මේරිලන්ඩ් බැල්ටිමෝර් හි ජීවත් වූ තරුණයෙක් වශයෙන් හඳුනාගෙන ඇත. ඔහු වෙඩි තැබීම සිදුකර තිබනේනේ අත් තුවක්කුවක් (හෑන්ඩ් ගන් එකක්) භාවිතා කිරීමෙනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි