Jakarta Palembang 2018 Asian Games යනුවෙන් ද හැඳින්වෙන මෙවර ක්‍රීඩා උළෙලේ තේමාව බවට පත්ව තිබෙන්නේ ‘ආසියාවේ ශක්තිය‘ ( “Energy of Asia”; (Indonesian: Energi Asia)) යන්නයි.
2018 ආසියානු ක්‍රීඩා උළෙලේ 11 වැනි දිනය, එනම් ඊයේ දිනය වන විට චීනය රන් 106, රිදී 68, ලෝකඩ 50 ක් දිනා සමස්ත පදක්කම් 224 ක් සමග අංක 1 ස්ථානයේ පසුවෙයි.
NDTV.com
අසල්වැසි ඉන්දියාව රන් 11, රිදී 20, ලෝකඩ 23 ක් වශයෙන් පදක්කම් 54 ක් දිනා 9 වන ස්ථානයේ පසුවෙයි.
මේ දිනවල ඉන්දියානු මාධ්‍යවල ශීර්ෂපාඨ මවන ප්‍රධානතම පුවත බවට පත්ව තිබෙන්නේ 2018 ආසියාතික ක්‍රීඩා උළෙලයි. ඊයේ දිනයේ ද ඔවුහු රන් පදක්කම් 2 ක් දිනාගැනීමට සමත් වූහ.
Bhin Bhin, Kaka, and Atung, mascots of the 2018 Asian Games
මේ වන විට තරගාවලියේ පදක්කම් සටහන අනුව ඉදිරියෙන්ම සිටින රටවල් 10 මෙසේ ය.
සමාරම්භක උළෙල | Wikipedia
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 173 දෙනෙක් ක්‍රීඩා ඉසව් 28 ක් නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා සහභාගි වේ. සැප්තැම්බර් 17 වැනිදා පැවති සමාරම්භක උත්සවේයේදී ශ්‍රී ලංකා ධජය ගෙන යාම භාරවුණේ බර ඉසිළුම් ශූරියක වන දිනූෂා ගෝමස් හට ය.
කෙසේ නමුත් මේ දක්වා තරගාවලිය තුළ ශ්‍රී ලංකාව කිසිදු පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ නැත.