×

ජපානයේ හා එංගලන්තයේ ආර්ථික අවපාතයට පසු මීළඟට ඇමරිකාවද?

අනපේක්ෂිත ආර්ථික කම්පන හෝ ගෝලීය වසංගත වැනි ඕනෑම දෙයක් ඇතුළත් විය හැක.


සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 17,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජපානයේ හා එංගලන්තයේ ආර්ථික සංකෝචනය පසුගිය සතියේ වාර්තා වූ අතර මීළඟට ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය සංකෝචනය වීමේ වැඩි ඉඩක් ඇති බව ආර්ථික විද්‍යාඥයන් සඳහන් කර තිබේ.

එනම්, ඇමරිකාවේ ජාතික ආර්ථික පර්යේෂණ කාර්යාංශයට අනුව, පසුගිය මාස කිහිපයක් පුරා කරන ලද පරීක්ෂණ වලට අනුව ආර්ථික ක්‍රියාකාරකම්වල සැලකිය යුතු අඩුවීමක් මත පදනම්වූ පරිහානියක මුල් අවස්ථාව සනිටුහන් කරමින් ඇති බව වාර්තා වේ.

මේ වෙනුවෙන් නිශ්චිත සාධකයක් සඳහන් කර නොමැතිමුත්, විරැකියා අනුපාතය වැඩිවීම, ආදායම පහත වැටීම, වියදම්වල ප්‍රධාන පහත වැටීමක් හෝ සෘණ ආර්ථික වර්ධන වේගය වැනි අනපේක්ෂිත ආර්ථික කම්පන හෝ ගෝලීය වසංගත වැනි ඕනෑම දෙයක් ඇතුළත් විය හැකි බවයි වාර්තා වන්නේ,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි