×

අද සිදුවන, ජපන් අධිරාජ්‍යාගේ ඓතිහාසික සිහසුන අත්හැරීම!

නරුහිටෝ කුමරු ජපානයේ නව රජු බවට හෙට පත් වුවත් ඔහුගේ සිංහාසනාරූඪ වීම සිදු වනු ඇත්තේ එළැඹෙන ඔක්තෝබරයේ පැවැත්වෙන අති අලංකාරවත් උත්සවයද සමගිනි



85 හැවිරිදි ජපානයේ අධිරජ දශක තුනක ඔහුගේ රාජ්‍ය කාලයට අද සමුදෙන්නේය. ඒ හරියටම දශක 30ක රාජ්‍ය පාලනයකින් පසුවයි. මෙසේ ජපන් රජ කෙනෙකු ජීවත්ව සිටියදී සිය ධුරය අත්හරිනුයේ වසර 200කට පසුවයි.

85 වියැති අධිරාජ්‍ය අකිහිතෝ මෙසේ සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ සිය වයසත් සමග සිය ධූරයේ කටයුතු නිසි අයුරින් සිදු කරගැනීමට නොහැකි බව අවබෝධ කර ගැනීමත් සමගිනි.

ඔහු අද ජපානයේ රජු ලෙස ධූරයෙන් සමුගත් පසු ඔහුගේ සිහසුන හිමිවන්නේ ඔටුන්න හිමි කුමරු නරුහිතෝ කුමරුටයි. ඒත් සමග ජපානයට නව යුගයක්ද උදාවේ. ජපානය මෙම නව යුගය නම් කර ඇත්තේ රෙයිවා යුගය (සුන්දර සාමුහීකත්වය) යනුවෙනි.

නරුහිටෝ කුමරු ජපානයේ නව රජු බවට හෙට පත් වුවත් ඔහුගේ සිංහාසනාරූඪ වීම සිදු වනු ඇත්තේ එළැඹෙන ඔක්තෝබරයේ පැවැත්වෙන අති අලංකාරවත් උත්සවයද සමගිනි.

ජපානයේ රාජකීය පවුල කිසි විටෙකත් දේශපාලන පක්ෂපාතී බවක් නොපෙන්වනු ලබයි.
මෙතෙක් ජපානයේ නව රජෙකු පත් වීම පිළිබදව තිබූ නීතිය වූයේ ජීවත්වෙමින් සිටින රජුගේ මරණින් පසු නව රජු පත් විය යුතුය යන නියමයයි. එය ව්‍යවස්ථාපිත නීතියයි. නමුත් ජනතාවගේද ආශිර්වාදය ඇතිව අකිහිතෝ කුමරු සිය ධූරය අත් හැර සිය අනුප්‍රාප්තිකයා වන පුතනුවන් සිය ධූරයට පත් කිරීමට ජපන් රජය එක් වතාවක් පමණක් පවතින නීතිය වෙනස් කිරීමට කටයුතු කරන ලදී,

නරුහිතෝ කුමරු අකිහිතෝ රජුගේ වැඩි මහල් පුතනුවන්ය. 59 හැවිරිදි ඔහු සංගීතවේදියෙකු මෙන්ම කදු නැගීමෙහි කෑදරයෙකි.ගකුෂුයින් විශ්ව විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් හීදී ඔහු සිය අධ්‍යාපන කටයුතු සිදු කර ඇත.

ඔහුගේ බිරිද මසාකෝ ය හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු සිදු කළ ඇය මේ වන විටද සිටින්නේ දැඩි මානසික පීඩනයකින් පසුව සුවපත් වෙමිනි. ඒ සිය පවුලේ වැඩිමල් දරුවා පුත්‍රයෙකු විය යුතු යැයි තිබෙන නියමයන් අතර තුර දියණියක ඉපදීම හේතුවෙනි. ඈ අයිකෝ කුමරියයි. ඇය දැන් 17 හැවිරිදිය.

කෙසේ වෙතත් අද නීති ප්‍රකාරව ජපානයට නව රජු නරුහිටෝ ඔටුනු පැළදුවද ඔහුගේ අනුප්‍රාප්තිකයා සම්බන්ධව මේ මොහොත වන විටද ජපානය සිටින්නේ දැඩි අර්බුදයකය. ඒ අකිහිතෝ කුමරුගේ වැඩි මල් දියණිය අයිකෝට, ජපන් රාජපරම්පරාවේ රජුන් මිස රැජිණියන් පත් කිරීම සදහා නීති නොපැවතීම හේතුවෙන් රජකම අහිමි වීමය. ඇය අත්හල විට මී ළගට සිටින්නේ නරුහිතෝ ගේ මීළඟ සොයුරු අකිෂිනෝ හෙවත් ෆුමිහිතෝටය.

නව රජු නරුහිතෝ සහ ඔහුගේ දියණිය අකීනෝ කුමරිය සහ රැජින

ෆුමිහිතෝ කුමරුගේ පුත් හිසහිතෝ තවමත් 12 හැවිරිදි වියේ පසුවන ඔහු සිය පියාගෙන් පසුව රජකමට උරුමකම් කියනු ඇත.

හිසහිතෝ කුමරු ඉපැදෙන තෙක්ම කාන්තාවක් සදහා රාජකීය ඔටුන්න හිමිවීම පිළබදව සාකච්ඡා පැවතියද ඔහුගේ උපතත් සමග එම සංවාදය අවසන් විය. නමුත් ඔවුන් නැවතත් ඒ පිළබදව සාකච්ඡා කරනු ඇති බවට අනුමානයන්ද පවතී.

අකිහිතෝ රජු අද සවස සිය අල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ වතාවත් සහ චාරිතයන්ද සමගිනි. නමුත් රාජකාරීමය ලෙස මධ්‍යම රාත්‍රිය වන තුරුත් තවමත් ඔහු රජු ලෙස පිළිගැනෙනු ඇත. ඒත් සමග ඔහුගේ අධිරාජ්‍ය යුගය වූ හෙයිසි (සාමයේ උදාව) අවන් වී නව යුගය රිවේයිරා ආරම්භ වනු ඇත. බදාදා එනම් හෙට දින උදා වීමත් සමග නරුහිතෝ ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස සිය ධූරයේ කටයුතු අරඹනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි