×

ජිහාඩ්වාදීන් විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ බුර්කිනා ෆාසෝ හි 29 දෙනෙකු මරුට!

කලක සාපේක්ෂව සාමකාමී වාතාවරණයක් පැවති බුර්කිනා රාජ්‍යය තුළ පසුගිය වසර තුනක පමණ කාලයක පටන් නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේ ජිහාඩ්වාදී ස්වදේශික කැරලිකරුවන් ගේ ආගමනය සමඟයි.


බටහිර අප්‍රිකාවේ බුර්කිනා ෆාසෝ හි උතුරු කලාපයේ පසුගිය ඉරු (08) දින අහාර රැගත් ගබඩාවක් හා ප්‍රවාහන ට්‍රක් රථයකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින් අවම වශයෙන් 29 දෙනෙකු වත් ජීවිතක්ෂයට පත්වූ බවට එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. 

ආහාර ගබඩාවට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම සමඟ සිවිල් වැසියන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සන්මටෙන්ගා පළාතේදී අදාල ට්‍රක් රථය වෙත එල්ල කළ පුපුරණ ද්‍රව්‍ය හමුවේ පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී සය දෙනෙකු තුවාල ලබා ඇත. 

මෙම අවාසනාවන්ත සිදුවීම බුර්කිනා ෆාසෝ හි වර්තමානයේ පවතින ආරක්ෂාව පිළිබඳ ගැටළුව තවදුරටත් තහවුරු කරන බවත්, මේ වන විට හමුදා හා ආරක්ෂක අංශ එම ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවටත් එරට රජය නිවේදනය කරයි. 

අප්‍රිකාවේ පාරිසරික හා ජෛවභූගෝලීය කලාපය වන සහෙල් හි කලක සාපේක්ෂව සාමකාමී වාතාවරණයක් පැවති බුර්කිනා රාජ්‍යය තුළ පසුගිය වසර තුනක පමණ කාලයක පටන් නොසන්සුන්කාරී වාතාවරණයක් හටගත්තේ ජිහාඩ්වාදී ස්වදේශික කැරලිකරුවන් ගේ ආගමනය සමඟයි.

මෙමඟින් බුර්කිනා හි ප්‍රචණ්ඩ හා කලහකාරී ක්‍රියා ඇතිවීම ආරම්භ විය. බුර්කිනා රාජ්‍යය තුළ මෙම ජිහාඩ්වාදී ත්‍රස්ත ක්‍රියා පැතිරීම ආරම්භ වූයේ අසල්වැසි මාලි රාජ්‍යය තුළිනි. 

හැත්තෑව දශකයේ අගභාගයේ ආරම්භ වූ ඉස්ලාමීය අන්තවාදී විප්ලවය ලොව පුරා අනෙකුත් ඉස්ලාම් රටවලට පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙවන් අන්තවාදී ක්‍රියා හට ගැනීමට තුඩුදී ඇත.  

බටහිර අප්‍රිකාව තුළ ඉස්ලාම් අන්තවාදයට එරෙහි සටනේ මෑත කාලයේ සිදුවූ ත්‍රාසජනකම ප්‍රචණ්ඩ ක්‍රියාව වාර්තා වූයේ පසුගිය අගෝස්තු මාසයේදී ය. එහිදී ඉස්ලාම් අන්තවාදී තුවක්කුකරුවන් විසින් හමුදා සෙබලුන් 24 දෙනෙකු හට වෙඩි තබා ඝාතනය කරන ලදී. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි