×

JN.1 නමින් නව Covid ප්‍රභේදයක් ලෝකය පුරා වේගයෙන් ව්‍යාප්ත වේ – WHO

මෙය කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර මහජනතාවට ඉන් පවතින අවධානම අඩු බවටයි මේ වනවිට සොයාගෙන ඇත්තේ,


JN.1 නමින් නව Covid ප්‍රභේදයක් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා බොහෝ රටවල වඩාත් සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ.

මෙය කොරෝනා වයිරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස හඳුනාගෙන ඇති අතර මහජනතාවට ඉන් පවතින අවධානම අඩු බවටයි මේ වනවිට සොයාගෙන ඇත්තේ, නමුත් මෙම ශිත ඍතුවේ දී Covid වෛරසය කාලයත් සමඟ නිරන්තරයෙන් වෙනස් විය හැකි අතර සමහර විට මෙය නව ප්‍රභේද වර්ධනය වීමට හේතුවනු ඇත.

මේ සම්බන්ධයෙන් UK Health Security Agency පවසන්නේ JN.1 එය දැනට එක්සත් ජනපදයේ වේගයෙන්ම වර්ධනය වන ප්‍රභේදය වන බවත්, නැවත මුඛ ආවරණ පැළඳීම හා සෞඛ්‍ය ආරක්ෂණ උපක්‍රම පිළිපදින ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇති බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි