×

ජූලියන් අසාන්ජ්ට මරණාසන්නයි- වෛද්‍යරුන් 60 කගෙන් විවෘත ලිපියක්

.


විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් අසාන්ජ් මරණාසන්නව සිටින බව වෛද්‍ය වරුන් 60 දෙනෙකු විසින් විවෘත ලිපියක් මගින් දන්වා ඇත. බ්‍රිතාන්‍යයේ අධි ආරක්ෂිත සිරගෙයක් තුළ සිර කර සිටින අසාන්ජ්  ගේ සෞඛ්‍ය තත්ත්වය පිළීබදව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් ප්‍රීති පටෙල් වෙත ලිපියක් යවමින් වෛද්‍යවරු පවසන්නේ ඔහුව බෙල්මාර්ෂ් බන්ධනාගාරයේ සිට විශ්වවිද්‍යාල ශික්ෂණ රොහල වෙත ‍ගෙන යන ලෙසයි.

පසුගිය ඔක්තොම්බර් 21 වන දින ලන්ඩන් නුවර අධිකරණයේදී ඔහුව නිරීක්ෂණයෙන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්ථා කරු නිල්සන් මෙල්සර් වාර්තාවට අනුව මෙම වෛද්‍යවරුන් විසින් මෙම නිගමනයට පැමිණ ඇත.

ඇමරිකා එක්සත් ජනපදයට පිටුවහල් කිරීමේ අපේක්ෂාවෙන් එංගලන්තය තුළ සිර ගත කර සිටින අසාන්ජ් ගේ තත්ත්වය පිළීබදව එක්සත් ජාතීන්ගේ ස්වාධීන අයිතිවාසිකම් පිළීබද විශේෂඥවරයා ප්‍රකාශ කලේ ඔහු මෙලෙස අත්තනෝමතිකව රදවා තබා ගැනීමෙන් අවසන ඔහුගේ ඉරණම ඔහුගේ ජීවිතය අකාලයේ අවසන් වීමේ කෙලෙවර විය හැකි බවයි.

විකිලීක්ස් වෙබ් අඩවිය භාවිත කරමින් ඇමරිකානු රහස් තොරතුරු හෙළි කිරීමේ නළා හඬවන්නා (විෂ්ල් බ්ලෝවර්) ලෙස ඔහු ක්‍රියා කලේය. 2010 වසරේ ඇෆ්ගනිස්ථානය සහ ඉරකය මුල් කරගනිමින් ඇමරිකා එකස්ත් ජනපදය විසින් බෝම්බ හෙළීමේ ව්‍යාපාරය සම්බන්ධව හෙළි කිරීම අසාන්ජ් හට එරෙහිව පවතින බරපතලම චෝදනාවකි

”වෛද්‍යවරුන් වශයෙන් අපි මෙම විවෘත ලිපිය ලියන්නේ ජූලියන් අසාන්ජ්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ අපගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කිරීම සඳහා ය” යි වෛද්‍යවරු පිටු 16 ක විවෘත ලිපියේ සඳහන් කළහ. මෙම වෛද්‍යවරුන් එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, ස්වීඩනය, ඉතාලිය, ජර්මනිය, ශ්‍රී ලංකාව, පෝලන්තය. යන රටවල් නියෝජනය කරමින් මේ සදහා සහභාගී වී ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි