×

Bieber පවුලට එන්නට සැරසෙන අලුත් සාමාජිකයා ගැන හෙළිදරවුවක්!

සටහන – නිපුනි ලියනගේ මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින කුමරෙක් ලෙසින් ප්‍රසිද්ධියට පත් Justin Bieber පිය පදවියට සැරසෙන බවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය. Justin Bieber සහ Hailey යුවල ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත. Hailey සුදු පැහැති ලේස් ඇඳුමකින් සැරසී Bieber සමඟ සිප […]


සටහන – නිපුනි ලියනගේ

මැයි 10 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොවක් ආදරය කරන, රසිකාවියන්ගේ සිහින කුමරෙක් ලෙසින් ප්‍රසිද්ධියට පත් Justin Bieber පිය පදවියට සැරසෙන බවක් සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි විය.

KTLA

Justin Bieber සහ Hailey යුවල ඔවුන්ගේ පළමු දරුවා අපේක්ෂා කරන බව නිවේදනය කර ඇත.

Hailey සුදු පැහැති ලේස් ඇඳුමකින් සැරසී Bieber සමඟ සිප වැළඳගනිමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි.

Bieber සහ Hailey යුවල ඔවුන්ගේ Instagram පිටුවල ඔවුන්ගේ මෙම සුභ ආරංචිය රැඟත් ඡායාරූප කිහිපයක් ද පල කර තිබේ.

එක්සත් ජනපද තරුවක් වන kim kardashian සහ නිරූපිකාවක් වන gigi hadid ඇතුළු ප්‍රසිද්ධ මුහුණු Instagram හි නිවේදන නිකුත් කරමින් ඔවුන් දෙපළට සුභ පැතුම් එක් කර තිබිණි.

Hailey මේ වන විට මාස හයක ගැබිණියක් බව වැඩිදුරටත් සඳහන් වේ.

Filmibeat


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි