×

Daisy මලක් බඳු Katy Perry ගේ සුරතල් කෙළි පොඩිත්තිය!

සටහන – නිපුනි ලියනගේ ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Katy Perry ගේ සුරතල් කෙළි පොඩිත්තිය Daisy Dove සති අන්තයේ පැවති කැටි පෙරීගේ ප්‍රසංගයේදී නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. ඉකුත් සෙනසුරාදා, Katy Perry රිසෝර්ට්ස් වර්ල්ඩ් හි ලාස් වේගාස් රෙසිඩන්සි හිදී ඇගේ ඉදිරිපත් කිරීම කළ අතර, ඇගේ තුන් හැවිරිදි දියණිය සහ සැමියා ඔර්ලන්ඩෝ බ්ලූම් ද ඊට සහභාගී වී සිටි […]


සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Katy Perry ගේ සුරතල් කෙළි පොඩිත්තිය Daisy Dove සති අන්තයේ පැවති කැටි පෙරීගේ ප්‍රසංගයේදී නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් විය.

ඉකුත් සෙනසුරාදා, Katy Perry රිසෝර්ට්ස් වර්ල්ඩ් හි ලාස් වේගාස් රෙසිඩන්සි හිදී ඇගේ ඉදිරිපත් කිරීම කළ අතර, ඇගේ තුන් හැවිරිදි දියණිය සහ සැමියා ඔර්ලන්ඩෝ බ්ලූම් ද ඊට සහභාගී වී සිටි අයුරු දක්නට ලැබිණි.

X වෙත පළ කරන ලද එක් වීඩියෝවක, රතු-සුදු Minnie Mouse ඇඳුමකින් සැරසී සිටි Daisy, Katy විසින් “Chained to the Rhythm” ගායනා කරන විට තම පියා Orlando සමඟ නර්තනයේ යෙදුණු අතර, ප්‍රසංගයේ තවත් ක්ලිප් එකක, Daisy ඇයගේ මව වන Katy ඇගේ 2008 වසරේ ගීතයක් වන “Hot n Cold” ගායනා කිරීමට පෙර ඔල්වරසන් නඟා කෑගැසුවාය.

ප්‍රසංගය අවසන් වන විට, Katy ඇයගේ Play ප්‍රසංග මාලාව සාර්ථක කරගැනීමට අත දුන් සැමට ස්තුතිය පුද කළාය. වඩාත්ම වැදගත් දෙය නම් Daisy ය. “මම මේ ප්‍රසංගය නිර්මාණය කළේ මගේ දුව ඩේසි ඩෝව්ගේ උපතෙන් පසුවයි,” ඇය තවදුරටත් පැහැදිලි කළාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි