×

ඇමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති සර් කිම් ඩැරොක් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

කිම් ඩැරොක් යනු රාජතාන්ත්‍රිකයෙකු ලෙස අත්දැකීම් බහුල පුද්ගලයෙකු වන අතර ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස 2016 වසරේ ඔහුව පත්කර ඇත.


ඇමෙරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති සර් කිම් ඩැරොක් සිය ධුරයෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ ඇමරිකානු ජනපති වරයා පිළිබදව ඔහු විසින් සිදු කළ දිර්ඝ විවේචනයක් පිළිබද කරුණු අනාවරණය වීමෙන් පසුවයි.

ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය තානාපති කිම් ඩැරොක් පසුගියදා ඇමරිකානු ජනපතිවරයා විසින් කළ සදහන් කිරීම් ඇතුලත් ඊමේල් පණිවිඩ පිළිබද බ්‍රිතාන්‍ය පුවත් පතක් වන Mail on Sunday පසු ගියදා අනාවරණය කරන ලදී.

පුවත් පතට අනුව ඔහු පවසා සිටියේ ට්‍රම්ප් යනු අදක්ෂයෙක් මෙන්ම අක්‍රීය මිනිසෙක් බවයි. තවදුරටත් ඇමරිකානු ජනපති යනු ඇදවැටුණු සහ පිළිස්සුන පුද්ගලයෙක් ලෙසද ඔහුගෙ අවසානය අවමන්සහගත එකක් වනු ඇති බවද බ්‍රිතාන්‍යෙ තානාපති වරයාගේ ප්‍රකාශයේ සටහන් වී අතැයි සදහන් විය


කිම් ඩැරොක් යනු රාජතාන්ත්‍රිකයෙකු ලෙස අත්දැකීම් බහුල පුද්ගලයෙකු වන අතර ඇමරිකාවේ බ්‍රිතාන්‍ය තානාපතිවරයා ලෙස 2016 වසරේ ඔහුව පත්කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි