×

ට්‍රම්ප් හමුවීමට කිම් දුම්රියෙන් වියට්නාමයට යයි.

උතුරු කොරියානු මාධ්‍ය විසින් උතුරුකොරියානු ජනපතිවරයා උතුරු කොරියාවේ හැනෝයි දුම්රිය මධ්‍යස්ථානයෙන් වියට්නාමය බලා පිටත්වූ බව වාර්ථා විය.


ට්‍රම්ප් හමුවීමට කිම් ජොන් අන් අද වියට්නාමය බලා පිටත් විය‍. පසුගිය ජූනි මාසයේදී සිගප්පූරුවේදී ඇමරිකානු ජනපති ඩෝනල්ඩ් ට්‍රම්ප් හා කොරියානු ජනපතිවරයා අතර ප්‍රථම හමුව පැවති අතර. මෙවර වියට්නාමයේදී පැවැත්වෙන්නේ ඔවුන් අතර දෙවන හමුවයි.
මෙම සතියේ බදාදා දිනයට මෙම හමුව සැළසුම් කර ඇති අතර පසුගිය සමුළුවේදී මෙන්ම විශේෂයෙන්ම මෙම ජනපතිවරුන් දෙදෙනා අතර සාකච්ඡාවට ලක්කෙරෙනු ඇත්තේ න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධවය.

උතුරු කොරියානු මාධ්‍ය විසින් උතුරුකොරියානු ජනපතිවරයා උතුරු කොරියානු ප්‍රධාන දුම්රිය මධ්‍යස්ථානයෙන් වියට්නාමයේ හැනෝයි නුවර බලා පිටත්වූ බව වාර්ථා විය. එය දින දෙකක ගමන් කාලයකි.
පසුගිය වසරේ පැවති සාකච්ඡාවේදී දෙදෙනා අතර ඇති වූ එකගත්වයන් පරිදි විශේෂයෙන්ම උතුරු කොරියාව කටයුතු නොකර ඇති බව පසුගියදා ඇමරිකානු බුද්ධි අංශ මගින් හෙළි කළ වාර්ථාවක් මගින් දක්වා තිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි