චාල්ස් රජුට පිළිකාවක්
මෙම ආරංචියත් සමඟ ලොව නන්දෙසින් රජුගේ රෝගී තත්වයට ඉක්මන් සුවය පතා සුබ පැතුම් ගලා එමින් තිබේ.
සටහන: සශිකලා මධුෂාණි, ජනවාරි 06,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මහා බ්‍රිතානයේ ඔටුන්න හිමි iii වන චාල්ස් රජු පිළිකා රෝගයකින් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළ බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබේ.
රජු විසින් මෑතකදී කරන ලද රෝග විනිශ්චය පරීක්ෂණ මගින් මෙම තත්වය හඳුනාගෙන ඇති අතර රජුට කුමන ආකාරයේ පිළිකාවක් වැළඳී ඇත්දැයි මාලිගය පවසා නැත.
75 හැවිරිදි චාල්ස් රජු ඉදිරි දිනවලදී රාජ්‍ය සංචාර කිහිපයක්ම යොදාගෙන ඇති අතර ඒවා සියල්ල කල දමන ලෙසයි වෛද්‍ය උපදෙස් ලැබී ඇත්තේ.
මෙම ආරංචියත් සමඟ ලොව නන්දෙසින් රජුගේ රෝගී තත්වයට ඉක්මන් සුවය පතා සුබ පැතුම් ගලා එමින් තිබේ.