×

කොරියානු යුද්ධය – Facts Sheet

කොරියානු යුද්ධය පිළිබඳ වැදගත් කරුණු කෙටියෙන්


  • කොරියානු යුද්ධය ආරම්භ වන්නේ 1950 ජූනි 25 වැනිදා උතුරු කොරියානු සොල්දාදුවන් 75,000 ක් දෙනා දකුණු කොරියාව තුළ කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීමට ගන්නා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි.
  • කොරියානු යුද්ධය 1953 ජූලි 27 වැනිදා අවසන් වුණේ තාවකාලික සටන් විරාමයක් සඳහා (Armistice Agreement) අත්සන් කරමින්. මෙම තාවකාලික සටන් විරාමය වලංගු නොවන බව උතුරු කොරියාව 2013 වසරේ ප්‍රකාශ කළා. විධිමත් සාම ගිවිසුමක් තිබුණේ නැති නිසා සෛද්ධාන්තිකව සහ තාක්ෂණිකව මේ දෙරට තවම සැලකෙන්නේ සක්‍රිය නොවන යුද්ධයක කොටස්කරුවන් ලෙසයි.
  • ලෝකයේ පළමු ශීතල යුද්ධය ලෙස සැලකෙන්නේ 1950-53 කොරියානු යුද්ධයයි.
  • දෙවන ලෝක යුද්ධයේදී සම්පූර්ණ පැසිෆික් කලාපයට හෙළූ බෝම්බවලටත් වඩා වැඩි බෝම්බ ගණනක් කොරියානු යුද්ධයේදී ඇමරිකාව යොදාගත්තා. එයට බෝම්බ ටොන් 635,000 ක් සහ නාපාම් ටොන් 32,557 ක් අයත්.
  • ඇමරිකාව වෙනුවෙන් කොරියානු යුධ පෙරමුණේදී දිවි දුන් හමුදා සුනඛයන් ගණන 1500 ක්.
  • ඇමරිකා එක්සත් ජනපදය වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 67 ක් යුද්ධය වෙනුවෙන් වියදම් කළා.
  • දකුණු කොරියාවේ ජීවිත හානි ගණන – හමුදා සොල්දාදුවන් 217,000, සිවිල් වැසියන් 1,000,000
    උතුරු කොරියාවේ ජීවිත හානි ගණන – හමුදා සොල්දාදුවන් 406,000, සිවිල් වැසියන් 600,000
    චීනයේ ජීවිත හානි ගණන – හමුදා සොල්දාදුවන් 600,000
  • නමුත් මේ සංඛ්‍යාලේඛන දළ අදහසක් පමණක් දෙනවා. සැබෑ ජීවිත හානි ගණන මෙයට වඩා අධික බව යුද්ධයේ සෑම පාර්ශවයක්ම පිළිගන්නවා. දළ වශයෙන් මිලියන 5 ක් දෙනා මියගිය, තුවාළ ලැබූ හෝ අතුරුදහන් වූ අය බවට ගණන් බලා තිබෙනවා.
  • කොරියානු යුද්ධයේදී දකුණු කොරියාවේ ජනාධිපතිවරයා වුණේ සින්ග්මන් රී (Syngman Rhee).
  • 1950 ජූනි 28 වැනිදා, එනම් කොරියානු යුද්ධය ආරම්භ වී දින 3කට පසුව ජනපති සින්ග්මන් රී, බෝඩෝ ලීග සංහාරය (Bodo League Massacre) සඳහා අණ දුන්නා. එහි ප්‍රතිඵලය විදිහට කොමියුනිස්ට්වාදීන් යැයි සැක කළ අය සහ ඔවුන්ගේ පවුල්වල අය 100,000 ක් දෙනා අමු අමුවේ මරා දැමුණා.
  • සොල්දාදුවන් දස දහස් ගණන් දෙනා යුද පෙරමුණට ළඟා වීමටත් පෙර අධික ශීතල නිසා මිය ගිය බවට වාර්තා තිබෙනවා. මෙම කාලයේදී යුධ භූමිය ආශ්‍රිත කලාපයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ ගණන්වල පැවතුණා.
  • කොරියානු යුද්ධය සඳහා අණ දුන් ඇමරිකානු නායකයා වුණේ ජනාධිපති හැරී ටෘෘමන්.
  • නමුත් ඔහු කිසිවිටෙක යුද්ධයක් නිසි ලෙස ප්‍රකාශයට පත්කරන්න කියා කොංග්‍රසයෙන් ඉල්ලා සිටියේ නැහැ. මේ නිසා කොරියානු යුද්ධය ඇමරිකාවේ ‘නීතිමය යුධමය ක්‍රියාමාර්ගයක්‘ වශයෙන් සලකන්නේ නැහැ.
  • කොරියානු යුද්ධයේදී උතුරු කොරියාවට සෝවියට් සංගමය සහ චීනය යන දෙරට සහයෝගය දැක්වූවා. මේ රාජ්‍යයන් දෙකත් කොමියුනිස්ට් රාජ්‍යයන්.
  • දකුණු කොරියාවට සහාය දැක්වූ රටවල් වුණේ ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍යය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය.
  • කොරියාවට හමුදාවට යැවූ ජගත් සංවිධාන රටවල් 15- ඔස්ට්‍රේලිියාව, බෙල්ජියම, කැනඩාව, කොළොම්බියාව, ඉතියෝපියාව, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, හොලන්ඩ් (නෙදර්ලන්තය), ලක්සම්බර්ග්, නවසීලන්තය, පිලිපීනය, දකුණු අප්‍රිකාව, තායිලන්තය සහ තුර්කිය. වෛද්‍ය ආධාර යැවූ රටවල් වුණේ ඉන්දියාව, ඉතාලිය, නෝර්වේ සහ ස්වීඩනයයි.
  • කොරියානු යුද්ධයේදී ලෝකයේ වෙනත් යුද්ධවලදී වගේම ගණිකාවන් ට විශාල ඉල්ලුමක් ඇති වුණා. කොරියානු යුද පෙරමුණේ සිටි ඇමරිකානු සොල්දාදුවන්ට ගණිකාවන් සැපයූ බවට ඇමරිකාවට එල්ල වුණු චෝදනාව සුළුපටු නැහැ.
  • දකුණු කොරියානු ආණ්ඩුව සිය සොල්දාදුවන්ට ගණිකාවන් සැපයූ ආකාරය ගැන විස්තර රාශියක් තිබෙනවා. ඒවාට අනුව කොන්දේසි ගණනාවක් තිබුණා. අවම වශයෙන් එම කාන්තාවක් මාසයට දවස් 29 ක් වෛශ්‍යා වෘත්තියේ යෙදිය යුතුයි. එක වාරයකදී ලිංගික ක්‍රියාවන් විනාඩි 30කට සීමා කළ යුතුයි. ලිංගිකාශ්‍රිත රෝගවලට සොල්දාදුවන් විශාල වශයෙන් ගොදුරු වූ බවත් සඳහන් වෙනවා.
  • මිලියන ගණනක් මිය ගියත් කොරියානු යුද්ධයේ ජයග්‍රහණයක් වාර්තා වුණේ නැහැ. නමුත් දකුණු කොරියාව තුළ කොමියුනිස්ට්වාදය ස්ථාපිත කිරීමේ උතුරු කොරියානු අරමුණට තිත තබන්නට සිදුවුණා. උතුරු කොරියාව තවමත් කොමියුනිස්ට් රාජ්‍යයක්.
  • සාම සාකච්ඡා වර්ෂ 2 දින17 ක් පුරා පැවැත්වුණා.
  • දෙවන ලෝක යුද්ධයට සාපේක්ෂව කොරියානු යුද්ධය තේමා කරමින් චිත්‍රපට නිපදවී තිබෙන්නේ අඩුවෙන්. උතුරු කොරියාව 1973 වසරේදී Unsung Heros චිත්‍රපටය හරහා දකුණේදී මිය ගිය සිය සොල්දාදුවන් උත්කර්ෂයට නැංවූවා.The Manchurian Candidate (1962), Pork Chop Hill (1959) සහ Birthday Boy (2004) කොරියානු යුද්ධය තේමා කරගනිමින් නිපදවුණු ජනප්‍රිය චිත්‍රපට.


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි