×

කුවේට් රජය ඉල්ලා අස්වෙයි!

කුවේට් රජයේ ඉල්ලා අස්වීම අග්‍රාමාත්‍යවරයා විසින් සිය නායකයා වෙත භාර දී තිබේ.


කුවේට අග්‍රාමාත්‍යවරයා සිය රජයේ ඉල්ලා අස්වීම එරට නායකවරයා හට භාරදී ඇති බව රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශකවරයකු නිවේදනයක් නිකුත් කොට තිබේ. 

ඒ අනුව කුවේට අග්‍රාමාත්‍ය ෂෙයික් ජාබර් මුබාරක් අද (14) දින සිය රජයේ ඉල්ලා අස්වීම කුවේටයේ එමීර් ෂෙයික් සබා අල් අහමඩ් අල් සබා වෙත ඉදිරිපත් කර තිබේ.

කැබිනට් කටයුතු ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාමාර්ගය පැහැදි කර ගැනීම සඳහා මෙලෙස සිය රජය ඉල්ලා අස්වන බවට එම නිවේදනයේ දැක්වේ. කෙසේවෙතත් රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශක තාරෙක් අල් මෙස්රෙම් මහතා නිකුත් කළ නිවේදනයේ මේ පිළිබඳ වැඩි විස්තර අඩංගු කර නොමැත. 

කුවේටයේ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම නිතර සිදුවන්නේ තේරී පත්වූ නීති සම්පාදකයින් පවතින රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ට එරෙහිව ප්‍රශ්න කිරීමට හෝ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන අවස්ථාවන් හීදී වීම විශේෂත්වයකි. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි