×

අප්‍රිකාවේ වික්ටෝරියා විල ජීවිත 136ක් යළි බිලි ගනී

ටැන්සානියාවට අයත් යාත්‍රාවක් වික්ටෝරියා විලේ පෙරළී යෑමෙන් පුද්ගලයෝ 136කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වෙති.


හතළිහකට ආසන්න සංඛ්‍යාවක් බේරාගෙන තිබේ. තවත් සෑහෙන සංඛ්‍යාවක් අතුරුදහන් වී ඇත. පුද්ගලයන් 200කට ආසන්න සංඛ්‍යාවක් දියේ ගිලී ඇතැයි කියන සැකය ද මතුව තිබේ.

එම්.වී. නියරේරේ යාත්‍රාව මඟීන් 400දෙනෙකු රැගෙන බුගොරෝරා සිට උකාරා දූපත දක්වා ගමන් ගනිමින් තිබියදී අනතුර සිදු වූ බව සඳහන් වේ. ඒ අවස්ථාව වනවිට යාත්‍රාව ගමන් ගනිමින් තිබුණේ අධික මඟීන් ප්‍රමාණයක් සහ විශාල භාණ්ඩ තොගක් සමඟය. යාත්‍රාවේ ධාරිතාවයට ඉසිලිය හැකි වුණේ මඟීන් සියදෙනෙකු පමණක් බැව් සඳහන් වේ. අධික මඟීන් ප්‍රමාණයට අමතරව සිමෙන්ති සහ බඩ ඉරිඟු තොගයක් ද එහි තිබී ඇත. යාත්‍රාවේ ගමන් ගනිමින් සිටි පුද්ගලයන් සංඛ්‍යාව සහ රැගෙන ගිය භාණ්ඩ තොගයේ බර ආදී තොරතුරු ගැන නිශ්චිත සඳහනක් නැත. යාත්‍රාවේ ප්‍රවේශපත් නිකුත් කළ පුද්ගලයා ප්‍රවේශපත් නිකුත් කිරීමේ යන්ත්‍රයත් සමඟම දියේ ගිලීම නිසා කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකිව ගොස් ඇත.

STEPHEN MSENGI Image caption Scores of people have so far been reported rescued

Scores of people have so far been reported rescued | STEPHEN MSENGI

උකාරා දූපතට ආසන්න වෙමින් තිබියදී, ගොඩබිමට ළඟා වන්නට මීටර 50ක පමණ දුරක් පවතින අවස්ථාවේදී යාත්‍රාව අනතුරට පත් වී තිබේ. යාත්‍රාවේ බර එක පසෙකට ගොනුවීමෙන් අනතුර සිදුවන්නට ඇතැයි කියා මත පළ වේ. අනතුරට පත් මඟීන්ගෙන් විශාල සංඛ්‍යාවක් පිහිනීමට නොදත් අය බැව් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Lake Victoria is the world's second-biggest lake and the largest in Africa | STEPHEN MSENG

Lake Victoria is the world’s second-biggest lake and the largest in Africa | STEPHEN MSENG

ටැන්සානියා යාත්‍රා අනතුරට පත්වීමෙන් පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට වුණු පළමු අවස්ථාව මෙය නොවේ. ඉන්දියන් සාගරයේ සැන්සිබාර් දූපතට මඟීන් ප්‍රවාහනය කරමින් තිබුණු ටැන්සානියා යාත්‍රාවක් 2011 වසරේදී අනතුරට පත්වීමෙන් පුද්ගලයෝ 200දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම දූපත වෙත ගමන් ගනිමින් තිබුණු යාත්‍රාවක් 2012 වසරේදීත් අනතුරට පත් වූයේය. ඉන් පුද්ගලයෝ 145දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම්.වී. බුකෝබා නමැති ටැන්සානියා යාත්‍රාව වික්ටෝරියා විලෙහි යාත්‍රා කරමින් තිබියදී 1996දී අනතුරකට මුහුණ පෑවේය. එම අනතුර හේතුවෙන් පුද්ගලයෝ 800කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ.

ටැන්සානියාවේ මගී ප්‍රවාහන යාත්‍රා ආශ්‍රිතව සිදුවූ අනතුරු | BBC

ටැන්සානියාවේ මගී ප්‍රවාහන යාත්‍රා ආශ්‍රිතව සිදුවූ අනතුරු | BBC

ලොව දෙවැනි තැනට විශාල විල හැටියට සැලකෙන්නේ අප්‍රිකාවේ වික්ටෝරියා විලයි. උගන්ඩාව, කෙන්යාව සහ ටැන්සානියාව යන රාජ්‍ය කේන්ද්‍ර කරගෙන විල පිහිටා ඇත. විල ආශ්‍රිත සම්පත්වලින් යැපෙන පුද්ගලයන් සංඛ්‍යාව මිලියන 30කට අධික බව සඳහන් වේ.

STEPHEN MSENGI

STEPHEN MSENGI



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි