×

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම දේශීය පිටුවහල් කිරීමේ මෙහෙයුමට සුදානම් – ඩොනල්ඩ් ට්‍රම්ප්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 මැතිවරණ ව්‍යාපාරයේ නීතිවිරෝධී සංක්‍රමණ සීමා කිරීම ප්‍රධානම කරුණු වලින් එකක් වේ.


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සංක්‍රමණ විරෝධී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සිය මැතිවරණ ප්‍රචාරණ වේදිකාවල නිරන්තරයෙන්ම සාකච්ජා කරන අතර මෑතකදී ඔහු ප්‍රකාශ කර තිබුණේ, ඇමරිකානු ඉතිහාසයේ විශාලතම දේශීය පිටුවහල් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරිමට තමන් සුදානම් බවයි.

හිටපු ජනාධිපති ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ හිලියාහි පැවති මැතිවරණ රැලියකදී මෙය ප්‍රකාශ කර තිබුණ අතර, ලේඛනගත නොවූ සංක්‍රමණිකයන් සියලුම දෙන තමා විසින් නෙරපා හැරීමට සුදානම් බව එහිදී සඳහන් කර තිබිණ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 මැතිවරණ ව්‍යාපාරයේ නීතිවිරෝධී සංක්‍රමණ සීමා කිරීම ප්‍රධානම කරුණු වලින් එකක් වේ.

ට්‍රම්ප් ඔහු දෙවන වාරයකට තේරී පත් වුවහොත් නීත්‍යානුකූල සහ නීති විරෝධී සංක්‍රමණ යන දෙකම සීමා කරනු ඇත. මේ සම්බන්ධයෙන් විශ්ලේෂකයන් සඳහන් කරන්නේ හිටපු ජනාධිපතිවරයා, සංක්‍රමණ මර්දනයක් වෙනුවෙන් පෙනී සිටිමින් රටතුල සංක්‍රමණ විරෝධී හැඟීම් අවුලුවාලන බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි