×

සියතින් වස බඳුන පානය කළ සත්‍යවාදී සොක්‍රටීස්

මහා ප්‍රාඥ සොක්‍රටීස්ගේ චරිතයේ දැකිය හැකි සුවිශේෂීම ලක්ෂණයක් වූයේ ඔහුගේ සත්‍යවාදී ගුණයයි. ගෝලයන් පිරිවරාගෙන සිටි නමුත් ඔහු අතිශය නිහතමානී ය.


ක්‍රි.පූ.400 දී ග්‍රීසියේ විසු ජගත් කීර්තිධර දාර්ශනිකයෙකු වූ සොක්‍රටීස් (Socrates) තත්කාලීන ජනතාවගේ බුද්ධියේ නිම් වළලු පුළුල් කරනු සඳහා මුළු ජිවිතයම කැප කළ අයෙකි.යම්කිසි කරුණක් සම්බන්ධයෙන් අනුනට කරුණු වටහා දීමේදී දේශන මඟින් ප්‍රශ්න ඇසිමෙන්ද එය අවබෝධ කරවීමට ඔහුට තිබුණේ පුදුම දක්ෂතාවයකි.

Owlcation

Owlcation

විද්‍යාත්මක ඇසකින් ලොව දෙස බලන්නට ජනතාව හුරු කළ හෙතෙම විවිධ අදහස් ,වත් පිළිවෙත් වැඩි වැඩියෙන් වැසියන් තුළ රෝපණය කිරීමට සමත් විය.මොහු බොහෝ දුරට සම්ප්‍රදායට ගරු නොකළ නිසා උදහස් වූ රාජ්‍ය පාලකයින් විසින් මෙම ව්‍යාපාරයට කිසිඳු අනුබලයක් රුකුලක් ලබා නොදෙන ලදී.එහි ප්‍රතිඵලයක් ලෙස මොහුගේ දේශනාගාර වුයේ ජනයා බහුලව ගැවසෙන පදික වේදිකා ,ක්‍රීඩාංගන හා වෙළඳ පොළවල් ය.විශේෂයෙන් තරුණ පිරිස් නිතර පාහේ සොක්‍රටීස් සමඟ වාද කිරීමට පුරුදු වී සිටියහ.

Classical Athens Golden Age

Classical Athens Golden Age

සොක්‍රටීස් පොත් ලිවේ නැත.ඔහුගේ මාධ්‍ය වුයේ වචනයයි.වචන මාර්ගයෙන් ඔහු ප්‍රකාශ කළ අදහස් අනාගත පරපුර සඳහා බෙහෙවින් බලපෑවේය.ඔහුගේ දේශනා විදිය ඔහුටම සිමා වූ විශේෂ ක්‍රමයක් විය.තමා අසන ප්‍රශ්න වලට පිළිතුරු තමා නොදන්නා බව අඟවමින් ඔහු තම ගෝල බාලයන්ට හා අනුගාමිකයන්ට ප්‍රශ්න ඉදිරිපත් කරමින් ඔවුන් සත්‍යය අවබෝධ කර ගන්නා තෙක්ම නේක ප්‍රශ්න කිරීම ඔහුගේ සිරිත විය.එහෙත් ඔහු කිසි දිනෙක එවැනි අවස්ථාවන්හිදී තමා ජයගත් බවක් නොපෙන්වා ඒ ජයග්‍රහණය ශ්‍රාවකයින් වෙතම පැවරීම සිරිතක් කරගත් නිසා එමගින් කාගේත් සිත් ගැනීමට ඔහු සමත් විය.විමසීමෙන් තොරව අනුකුලතාවය දැක්වීම උතුම් ගුණාංගයක් ලෙස එකළ පිලිගැනී තිබුණද සොක්‍රටීස් එය අනුගමනය නොකළේය.යම්කිසි දෙයක් හොඳ යැයි පිළිගැනීමට පෙර ඒ දේ හොඳ යයි පිළිගැනීම සුදුසු දැයි කලින් විමසා බැලීම අවශ්‍ය බව සොක්‍රටීස් ඉගැන්වූයේය.මිනිසාගේ විශ්ව සහෝදරත්වය ගැන පිළිගත් සොක්‍රටීස් මිනිසාගේ පෞරුෂය පවිත්‍ර වුත් ,නොකෙළසිය යුතු වුත් දෙයක් බව ඉගැන්විය.මිනිසාගේ මනුෂ්‍යත්වය කුලය ආගම ජාතිය යනාදී සීමාවන්ගෙන් බෙදිය හැක්කේ කරව පදනමක් යට‍තේ දැයි සොක්‍රටීස් ප්‍රශ්න කළේය.
මෙසේ කෙටි කලක් තුළදී ඔහුගේ දර්ශනය පුළුල්ව වැඩෙනු දක්නා නොරිසි පාලකයෝ විසින් ජනතාව නොමඟ යවන්නේයැයි චෝදනා නඟා එතුමාට විරුද්ධව අධිකරණයේ නඩු පවරනු ලැබිය.අනතුරුව එම අධිකරණය ඔහුට මරණිය දණ්ඩනය නියම කළේ ජනහදවත් කම්පනයට පත් කරමිනි.එකල පවතී නිතිය අනුව සමාව අයැද ජිවිත දානය ලබා ගැනීමට ඉඩ තිබියදීත් තම ආත්ම ගරුත්වය උසස් කොට සැලකු සොක්‍රටීස් මරණයට අභිතව මුණ දුන්නේය.

The Great Kat

The Great Kat

“මගේ කාර්යය කරගෙන යාම සඳහා මට ලැබී ඇත්තේ දිව්‍ය අනුග්‍රහයකි”කි ඔහු ජුරි සභාව වෙත හැරී “පිටත්ව යන්නට කාලය පැමිණ තිබේ.මම මැරෙන්නට යමි.ඔබ ජිවත් වන්නට යති.එහෙත් අප දෙපක්ෂයෙන් වඩා හොඳ ඉරණමට පත්වන්නේ කවුරුන් දැයි දන්නේ දෙවියන් පමණකැයි”ද කිවේය.

බන්ධනාගාර ගතව සිටියදී ත් ඔහු සිය දේශනා නැවත්වුයේ නැත.ඔහුගේ ශිෂ්‍යයෝ තව වැඩි දිනක් ජිවත් නොවන සිය ගුරුතුමාගේ ඉගැන්වීම් ඇසීමටත් ඔහු සමඟ කතා කිරීමටත් එක් රොක් වූහ.හිර අඩස්සියෙන් මිදී පන යාමට මාර්ගයක් සොයාගත් ගෝලයේ එසේ පැනයන ලෙස ගුරුතුමාට යෝජනා කළහ,එහෙත් හෙතෙම ඔවුන්ගේ යෝජනාවට එකඟ නොවිය.

“නගරයේ නීති රීති වලින් බැඳී සිටීම හොඳ පුරවැසියෙකුගේ යුතුකමයි. ඇතන්ස් නගරයේ නීති මඟින් මා මරණයට තීන්දු කරනු ලැබ ඇත.ඒ නීති වලට කීකරු වීම මගේ යුතුකමයි”.යනුවෙන් සොක්‍රටීස් පවසා සිටියේය.

Imgur

Imgur

මරණ දඬුවම ලැබීමට පෙරදින රාත්‍රියේද සොක්‍රටීස් සාකච්ඡාවෙන් ගත කළ බව සඳහන් වෙයි.පසුදා උදෑසන සොක්‍රටීස් තම ගෝලයින් අමතා තමාට නික්ම යන්නට වෙලාව පැමිණ තිබෙන බව කිවේය.විෂ පානය ගෙන ඒම සඳහා පණිවුඩය යැවීය.එකල මරණ දඬුවම පමුණුවනු ලද්දේ විෂ පානය කරන්නට සැලැස්වීමෙනි.
ඒ අනුව සොක්‍රටීස් අලුගෝසුවා අතින් ලබාගත් වස බඳුන පානය කරන ලදින් ජීවිතක්ෂය පත් විය.සොක්‍රටීස්ගේ නඩුව විනිශ්‍යකරුවන් 500ක් ඉදිරියේ පැවැත්වුණි.ඉන් තුන්සිය දෙනෙක් විසින් මරණ දඬුවම අනුමත කරන ලදි.

සොක්‍රටීස් තම ජිවිතයේ හැම මොහොතක්ම ගත කළේ සත්‍යය සෙවීම හා සත්‍යය ප්‍රකාශ කිරීම සඳහාය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිහතමානී පුද්ගලයෙකු වූ ඔහු තමා සත්‍යයි විශ්වාස කළ දෙය ,සත්‍යයි තමාට පැහැදිලි වූ දෙය කවර හේතුවක් නිසා හෝ වෙනස් නොකළ අතර ඔහුගේ ජිවිතයේ අවසානය සිදු වූයේද එම ප්‍රතිපත්තිය අනුගමනය කිරීම නිසාය.සැබවින්ම සත්‍යය සඳහා දිවිදුන් ප්‍රථම ලෝක පුරවැසියා යනුවෙන් හඳුන්වනු ලබනුයේද සොක්‍රටිස්ය.

ඔහුට ළය පුරා වැඩුණු රැවුලක් තිබිණි.ඔහුගේ මුහුණ විරූපී විය.ඔහු හුදකලාව ජිවත් විය.ආගන්තුකයින් හා විනෝද කාමීන් ගැන රුචියක් නොදැක්විය.මාගමුන් පිළිකුල් කළ හේ සලාම්ස් දුපතේ ගල් ගුහාවක විසුවේය.හේ දවස පුරාම භාවනා කළේය.යුරිපිඩස්ගේ නාට්‍යයක් නැරඹීම සඳහා බොහෝ දුරක් පයින් ගියේය.

සොක්‍රටීස් දුප්පතෙක් විය.ඔහු කොතරම් දිළිඳු ජිවිතයක් ගත කළේද කියනවා නම් ආහාරය උදෙසා වරින්වර ණය වීමට ඔහුට සිදු විය.ඔහුගේ අවසන් මරණ මොහොතේදීද ඔහුට ගෙවා ගන්නට නොහැකි වූ ණයක් ගැන මතකයෙන් ඔහු තම මිතුරෙකුට කතා කොට “ක්‍රීටෝ , මා ඇක්ලේපියස්ට කුකුළෙක් දෙන්න තියෙනවා. මතක ඇතිව ඒ ණය ගෙවන්නැයි පවසා ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි