×

මැරිලින්ගෙ මොළේ

“මැරිලින්ගේ මොළේ හරියට ස්විස් චීස් එකක් වගෙයි. සිදුරුවලින් පිරිලා..!”


පණහ සහ හැටේ දසකයේ හොලිවුඩ් සිනමාවේ සරාගී සංකේතය වූ මැරිලින් මොන්රෝ සැබවින්ම ප්‍රතිභාපූර්ණ නිළියක් නොවූවා ය. ලෝකය වසඟ වූයේ ඇගේ ලිංගික ආකර්ෂණයට මිස රංගන ප්‍රතිභාවට නොවේ ය යන්න සමකාලීන හොලිවුඩයේ ප්‍රකට මතයක් විය. ‘සම් ලයික් ඉට් හොට්’ චිත්‍රපටය එයට හොඳම උදාහරණයකි.

අධ්‍යක්ෂ බිලී වයිඩ්ලර් පවසන ආකාරයට මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශන අසූතුන් වතාවක් පමණ නැවත නැවත රූගත කිරීමට සිදුවිය. ‘කමක් නෑ. ඔබ ඒ ගැන දුක් වෙන්න එපා’ යැයි අධ්‍යක්ෂ බිලී රූගත කිරීම්වලින් අනතුරුව මැරිලින් ගේ සිත සනසන අටියෙන් කීවේ ය. එවිට මැරිලින් ගත් කටටම ඇසුවේ ‘දුක් වෙන්න? මොනවටද?’ යනුවෙනි.

මෙවැනි සාඩම්බර හැසිරීම් හා ආකල්පවලින් යුත් ඇය, පසුතලයට බොහෝවිට ප්‍රමාද වී පැමිණෙන තැනැත්තියක ද වූවා ය. එවැනි සමහර විටක ඇය නිදහසට කරුණු ඉදිරිපත් කළේ ‘සමාවෙන්න.

මට ඔබේ ස්ටූඩියෝ එක තියෙන තැන හොයාගන්න බැරිවුණා.’ කියමිනි. මේ එකම බොරුව දිනපතා පුනරුච්චාරණය කිරීම අතාත්වික බවවත් ඇයට සිතුණේ නැත.

මේ හැසිරීම් සමුදාය නිරීක්ෂණය කළ අධ්‍යක්ෂ බිලී වයිඩ්ලර් චිත්‍රපටයේ රූගත කිරීම් අවසාන වීමෙන් පසුව පැවැසුවේ මෙයයි. “මැරිලින්ගේ මොළේ හරියට ස්විස් චීස් එකක් වගෙයි. සිදුරුවලින් පිරිලා..!”

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි