අයිසැක් නිව්ටන් ගුරුත්වාකර්ෂණ නියමය ඉදිරිපත් කිරීමට පෙළඹුණේ ඇපල් ගෙඩියක් ගසෙන් බිමට වැටෙනු දැකීමෙනි. අයිසැක් නිව්ටන් මේ සෑම අවස්ථාවකටම අදාළ ගණිත සමීකරණ ඉදිරිපත් කළේය.
අයිසැක් නිව්ටන් වාසනාවන්තයෙකි. ඒ සිය ජීවිත කාලය තුළදීම ඔහුට තමා කළ මෙහෙවර වෙනුවෙන් ධනය, බලය හා කීර්ති නම්බු නාම ලැබුණු නිසාය. 1705 වර්ෂයේදී බ්‍රිතාන්‍ය මහරැජිණ ඔහුට ශ්‍රීමත් යන නාමය ලබාදී ඔහුව නයිට්වරයෙකු බවට පත් කළාය. 1727 මාර්තු 20 වැනිදා වකුගඩු ආබාධයකින් මිය ගිය පසුද ශ්‍රීමත් අයිසැක් නිව්ටන් ගේ ප්‍රසිද්ධියේ හෝ ජනප්‍රියත්වයේ අඩුවක් වී නොමැත. ඔහුගේ් මෘත ශරීරය තැන්පත් කර තිබෙනුයේ බ්‍රිතාන්‍යයේ රාජකීයයන් පවා සැතපෙන වෙස්මිනිස්ටර් ඇබේ හිය.
ස්වභාවයෙන්ම මුඛරි පුද්ගලයෙකු වූ අයිසැක් නිව්ටන් තම ප්‍රතිවාදීන් හට මුවගුළු වැටෙන ආකාරයේ පිළිතුරු ලබා දුන් අයෙක් විය.
වරක් එතරම් ධනවත් නැති අවධියේ ශ්‍රීමත් අයිසැක් නිව්ටන් හැඳ සිටි කබායෙහි කුඩා සිදුරක් දක්නට ලැබිණ. ඔහු හට නින්දා කිරීමේ අභිරුචියෙන් පෙළුණු එක්තරා පුද්ගලයෙක් මෙසේ ඔහුගෙන් අසා තිබේ.
“මහත්මයා ඔය සිදුරෙන් ඔබේ දුප්පත්කම එළියට එනවා නේද.. ?” ශ්‍රීමත් අයිසැක් නිව්ටන් එයට දුන් පිළිතුර මෙසේය.
“නැහැ මහත්මයා… ඒ සිදුරෙන් ඔබේ මෝඩකම ඇතුළට එනවා… !”